නවනීදම් පිල්ලෙයි 1941දී උපන්නේ දකුණු අප‍්‍රිකාවේ නතාල් පළාතේ, ඩර්බන්හිදී අතිශය දිළිඳු පරිසරයකය. දෙමළ සම්භවයක් සහිත ඇගේ පියා බස් රියැදුරෙකි. විවිධ ආර්ථික ගැහැට මධ්‍යයේ සිය ප‍්‍රාදේශීය දෙමළ ප‍්‍රජාවගේ ආධාර ඇතිව ඕ 1963දී නතාල් විශ්වවිද්‍යාලයෙන් බීඒ උපාධිය ලබාගත්තාය. 1982දී හාවර්ඞ් නීති විද්‍යාලයෙන් එල්එල්එම් උපාධිය ලත් ඇය 1988දී අධිකරණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලද්දීය. හාවඞ් නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලත් පළමු දකුණු අප‍්‍රිකානුවා ඇයයි. දකුණු අප‍්‍රිකාවේ මහාධිකරණයේ පළමු සුදු ජාතික නොවන විනිසුරුවරියද ඇයයි. ඒ සඳහා ඇය පත්කරන ලද්දේ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි විනිසුරුවරියක ලෙසද, රුවන්ඩාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි සභාපති විනිසුරුවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, 2008 සැප්තැම්බර් 1වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුරයට පත්වූවාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි අගෝස්තු 25වැනිදා සිට 31 දක්වා ලංකාවේ සංචාරයක යෙදෙන්නීය. මීට පෙර යුද්ධය අවසන්වූ වහාම 2009 වසරේ සිට ලංකාවට පැමිණීම සඳහා ඇය පළකළ අභිලාෂය ප‍්‍රායෝගික නොවූයේ ලංකා රජය ඇයට ඒ සඳහා නිල ආරාධනයක් නොකළ බැවිනි. එක්සත් ජාතීන්ගේ පිළිවෙත අනුව මහකොමසාරිස්වරයකුට/වරියකට රටකට පැමිණීමට එරට රජයෙන් නිල ආරාධනාවක් අවශ්‍යය. මහකොමසාරිස් ලංකාවට පැමිණ යුද අපරාධ ගැන පරීක්‍ෂණ පවත්වාවිය යන සැකය නිසා රජයත් එහි ජාතිකවාදී පාර්ශ්වත් ඇගේ පැමිණීමට දැඩි ලෙස විරෝධය පෑහ.
එහෙත් දැන් ඇය පැමිණෙයි. ඇගේ පැමිණීමට පෙර, ඇගේ ආරක්‍ෂාව හා පහසුව සැලසීම සඳහාවූ කණ්ඩායම් ලංකාවට පැමිණි අතර, ඔවුහු ඇගේ චාරිකා කාලසටහන හා ඊට අදාළ ස්ථාන පරීක්‍ෂාවට ලක්කළහ. ඇගේ චාරිකාවට අදාළ සැලසුම්, ඇය හමුවන්නේ කවරෙක්ද, කොතැනදීද යනාදී කාරණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ලංකාවේ එම කාර්යාලයේ උපදේශිකා සින්තියා වෙලිකෝ විසින් සිදුවන අතර ලංකාවේ රජයද එම වැඩසටහන සකස්කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

ලංකාවේ ගතකරන කාලය තුළ මහකොමසාරිස්වරිය ක්‍ෂෙත‍්‍ර හතරකට අයත් විවිධ පිරිස් හමුවීමට නියමිතය. පළමුව රජයේ පාර්ශ්වයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මානව හිමිකම්වලට හා විදේශ කටයුතුවලට අදාළ ඇමතිවරු කිහිපදෙනෙක්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඒ පිරිසට අයත්වෙති. මීට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල නායකයන්ද හමුවීමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය දැනටමත් ඇය හමුවන බව ප‍්‍රකාශකොට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ නවි පිල්ලෙයි මහත්මිය හමුවීමට බලාපොරොත්තුවක් නැති බව කියයි. දෙවැනි පිරිසට අයත්වන්නෝ අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ පිරිසකි. විනිසුරුවරුන් මෙන්ම නීතිඥවරුන් පිරිසක්ද මේ අනුව ඇය හමුවීමට නියමිතය. පසුගියදා දෝෂාභියෝග යෝජනාවක් ගෙනැවිත් අනීතික ලෙස ධුරයෙන් ඉවත්කරන ලද ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියද මේ ප‍්‍රභේදයට ඇතුළත්ව ඇය හමුවීමට නියමිත බව දැනගන්නට තිබේ. තෙවැනි ප‍්‍රභේදය වනුයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසයි. මේ පිරිසට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද ඇතුළත්ය. ඒ ඔහු උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක වන ආකාරය අධීක්‍ෂණය කිරීම සඳහා පත්කොට ඇති කමිටුවෙහි ප‍්‍රධානියා හැටියටය. සිව්වන කණ්ඩායම සිවිල් සමාජයේ හා රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ නියෝජිතයෝය. ඔවුන් අතර යුද්ධයේදී අතුරුදන්වූවන්, අතුරුදන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධාන ආදී මහජන සංවිධානද වෙයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා පළාත් සභා මැතිවරණ රැස්වීම්වලදී කියාතිබුණේ බංකොලොත්
දේශපාලන පක්‍ෂ හා රාජ්‍ය නොවන සංවිධාන ලංකාව ගැන බොරු කියමින් රට ජාත්‍යන්තරයට පාවාදෙන්නට තැත්දරන බවය. ඔහු ඒ අදහස් ප‍්‍රකාශ කළ ආසන්න හේතුව ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන මහකොමසාරිස්වරිය හමුවීමයි. එම හමුවීම්වලදී ඔවුන් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන කුමක් කියාවිදැ’යි ලංකාවේ ආණ්ඩුව සාධාරණ සැකයකින් සිටින බව පෙනෙයි. එහෙත්, රජය කුමක් කීවද රාජ්‍ය නොවන හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිත්වය වනාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන යාන්ත‍්‍රණයෙහි කැපීපෙනෙන අංශයකි. සෑම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයකදීම මෙන්ම වෙනත් සංවිධානවලදීද සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානවලට අදහස් දැක්වීමට විශේෂ අවස්ථාවක් ලැබෙයි. එවැන්නක් කර ඇත්තේ රාජ්‍ය පාර්ශ්වයෙන් පමණක් මානව හිමිකම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරිපත් නොවන බව පිළිගත් දෙයක් නිසාය. නැතහොත් රාජ්‍ය පාර්ශ්ව බොරු කියන නිසාය. රාජ්‍ය පාර්ශ්ව විසින් කියනු ලබන දේ රාජ්‍ය නොවන පාර්ශ්ව විසින් කියනු ලබන දේද සමග තුලනය කොට කරුණු සලකා බැලීම එක්සත් ජාතීන්ගේ පිළිගත් පරිචයයි. බොහෝ විට සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන කියන දේ රාජ්‍යය කරන පැහැදිලිකිරීම්වලට පටහැණිය. නැතහොත් එහි අනෙක් පැත්තය. ඒ නිසා නිරන්තරයෙන්ම රාජ්‍යයන්වලට පෙනෙන්නේ සිවිල්/රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ ද්‍රෝහීන් ලෙසය. ඒ අදහසේම එල්බගෙන සිටින ජනාධිපති රාජපක්‍ෂගේ සිට පහළට ආණ්ඩුවේ කවුරු මොනවා කිව්වත්, මානව හිමිකම් මහකොමසාරිස්වරිය සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් හමුවී ඔවුන්ගේ අදහස්ද විමසීම ඇගේ න්‍යාය පත‍්‍රයේ පිළිගත් විශේෂාංගයකි.

ඒ අතර මහකොමසාරිස්වරිය උතුරේ සහ නැගෙනහිරද සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු අගදී කොළඹ පැවැත්වෙන අතුරුදන්වූවන් සැමරීමේ දිනයේ වැඩසටහනකටද සහභාගිවන ලෙස ඇයට ආරාධනා කොට ඇති බව දැනගන්නට ලැබෙයි.
රාජ්‍ය පාර්ශ්වයෙන් ඇය වෙත දක්වන කරුණු අතර ප‍්‍රධාන ලෙස සැලකිය හැක්කේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවයි. එහි ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකසා ඇති බවත්, එම නිර්දේශ ක‍්‍රියාත්මක වන ආකාරය අධීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් අධීක්‍ෂක කමිටු වක් පිහිටුවා ඇති බවත් රජයේ පාර්ශ්ව යෙන් ඇයට පෙන්වා දෙනු ඇත. ඊට අමතරව යුද්ධයේදී අතුරුදන්වූවන් ගැන කරුණු සොයා වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා හදිසියේම පත්කරන්නට යෙදුණු හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාව ගැනද ආණ්ඩුව කරුණු ඉදිරිපත්කරනු ඇත. ඒ අතර, 2006 ජනවාරි 2වැනිදා ත‍්‍රිකුණාමලයේදී සිසුන් 5දෙනකු ඝාතනය කළායැ’යි සැකපිට සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 11 දෙනකු පසුගියදා හදිසියේම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රිමාන්ඞ්භාරයට පත්කොට තිබේ. මේ පියවරද ලංකාවේ මානව හිමිකම් රැුකීම සඳහා තමන් ගත් පියවරක් ලෙස නවී පිල්ලෙයි මහත්මිය වෙත කියාපෑමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. රතුපස්වල මහජන උද්ඝෝෂණයට හමුදාව විසින් වෙඩි තැබීම පිළිබඳව යුද හමුදාව විසින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්‍ෂණයේ වාර්තාවද අගෝස්තු 21වැනිදා සවස යුදහමුදාපතිවරයාට භාරදෙනු ලැබූ අතර ඉන් යුද හමුදාව නිදොස්කොට නිදහස්කර තිබේ නම් ඒ බවද, කිසියම් පිරිසක් වගකිවයුත්තන් ලෙස හඳුනාගෙන ඇත්නම් ඔවුන්ට නීතිය ප‍්‍රකාරව දඬුවම් පමුණුවන්නට සූදානම් බවද රජය ඇයට දැනුම් දෙනු ඇත. අගෝස්තු 31වැනිදා නවි පිල්ලෙයි මහත්මිය සිය සංචාරය නිමවා පිටත්වන්නට පෙර කොළඹදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන්නට නියමිතය. එය ඉතාමත් වැදගත් හා බොහෝ දේශීය ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගන්නා මාධ්‍ය සාකච්ඡුාවක් වනු ඇති බවට සැකයක් නැත. ලංකා ආණ්ඩුව විශේෂයෙන් සැලකිලිමත් වන්නේ මහකොමසාරිස්වරිය සිය සංචාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මේ වසරේ සැප්තැම්බරයේදී ඉදිරිපත්කරන්නට නියමිත වාර්තාවේ කුමක් අඩංගුවන්නට හැකිද යන්න ගැනය. ඒ ගැන අදහස් පළකරන, ජිනීවා කවුන්සිල සැසිවාරවලදී ලංකාව නියෝජනය කළ ජනාධිපතිවරයාගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍යවලට පවසා තිබුණේ ඇගේ වාර්තාව සමබර හා අපක්‍ෂපාතී එකක්වනු ඇතැ’යි රජයේ බලාපොරොත්තුව බවය.
යම් හෙයකින් පිල්ලෙයි මහත්මියගේ වාර්තාව ලංකාවට අහිතකර එකකක් වුවහොත්, ජාත්‍යන්තර වේදිකාවේ ලංකාවේ තත්ත්වය අසීරුකරවන ප‍්‍රතිචාර ඒ පදනම්කොට ගෙන ලැබෙන්නට පටන්ගනු ඇත්තේය. විශේෂයෙන් 2014 මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ලංකාවට එරෙහි දැඩි ජාත්‍යන්තර ප‍්‍රතිචාරයක් ඒ නිසා එල්ලවිය හැකි බවට රාජ්‍යතාන්ත‍්‍රික නිරීක්‍ෂකයෝ අනතුරු හඟවති. එම වාර්තාව පදනම් කරගෙන පසුගිය යුද කාලයේ අවසන් සමයේ සිදුවූ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානවවාදී රීතීන් උල්ලංඝනය පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතුයැ’යි දැනටමත් කවුන්සිලය හමුවෙහි අඩුවැඩි වශයෙන් ඉදිරිපත් වෙමින් පවතින යෝජනාව ශක්තිමත් වනු ඇතැ’යිද ඔවුහු කියති.
තිවංක සපරමාදු [Sunday, August 25, 2013]උපුටා ගැනීම - රාවය