දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් ලසිත් මාලිංග චැම්පියන්ස් ලීග් අතහරී

පුද්ගලික ෙහ්තුන් මත ලසිත් මාලිංග ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත. එසේම ඔහු සිම්බාබ්වේහී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහාද ශ්‍රී ලංකාව නියෝජනය නොවේ. ඔහු අදාළ සමයේදී ක්‍රීඩා නොකිරීමට ක්‍රීකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට ක්‍රීකට් ආයතනයේ අවසරය මේවනතෙක් හිමිව නැත. 
ඊට හේතුවී ඇත්තේ ජාතික ක්‍රිකට් ‍තේරීම් කමිටු සභාපතිවරයාවන සනත් ජයසූරිය හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලයුතුව ඇති හෙයින්. මේ දිනවල ක්‍රීඩකයන් රටින් බැහැරව සිටීම මෙන්ම සනත් ජයසූරියද රටින් බැහැරව සිටී. මාලිංග හා බිරිද ටාන්යා ඔවුන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් පසුවීම මෙසේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට හේතුව වී තිබේ. 
ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන්නේ පුද්ගලික හේතුවක් වීම හේතුවෙන් මාලිංගගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි. ලසිත් මාංලිග හට ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම වන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ අවසරය මේ සදහා හිමිව තිබෙනවා. 

ඔහු චැම්පියන්ස් ලීග් තරගාවලියේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිත වුණා. තරගාවලිය සැප්තැම්බර් මස අගදී ආරම්භවන අතර,ඔහු තරග නොකිරීම හේතුවෙන්, මුම්බායි කණ්ඩායම ඔහුගේ වාර්ශීක වේතනයෙන් කොටසක් ලබානොදීමටද නියමිතයි.

Gossip Lanka Hot News Previous News Archive