නොගැළපීම් හින්ද එයාගෙන් දුරස් වුණා - Shalani Tharaka

මෑත කාලයේ තරුණ තරුණියන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වුණේ ‘ඒ ලෙවල්” ඉවරයි ටෙලිනාට්‍යය. ඒකේ ‘ලීසා’ටත් ලැබුණු ප්‍රතිචාර එමටයි. ‘ලීසා’ හැටියට රඟපෑ ශලනි තාරකාත් සාමාන්‍ය ජීවිතයේදී බොහොම සරලයි, දඟකාරයි, සැහැල්ලුයි. ශලනි එයාගේ හීන කුමාරයා ගැන කියන කතාව මොකක්ද බලමු.
කොහොමද ජීවිතේ?
හොඳයි. සතුටුයි. ටෙලි නාට්‍යයක ෂූටින් එක්ක මේ ඉන්නෙ.

මොකක්ද ටෙලිනාට්‍යය?
සාරංග මෙන්ඩිස් මහත්තයාගෙ “ආදර සංධ්වනිය”

ඔයා කවුරු විදියටද රඟපාන්නෙ?
මම පේෂලා එයා A/L කරන ළමයෙක්. එයත් එක්ක බැඳිච්ච හරිම ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නෙ.

A/L ඉවරයි ටෙලි නාට්‍යයේ ලීසාටත් හුඟක් ප්‍රතිචාර ලැබෙනවා කියල ආරංචියි?
ඔව්. ලීසාට හුඟක් අය හුඟක් කැමැතියි. මමත් ආසයි.


ඉදිරියේදී ඇය මොනවගේ තීරණයක් ගනීද?
ලීසා හොඳ තීරණයක් ගනියි.

ශලනි දැන් හොඳ තීරණයක් අරගෙනද ඉන්නෙ?
මම හැමදාමත් ගත්තෙ හොඳ තීරණ. ඒකයි මට මං ගැන සතුටු.

A/L ඉවරයි ටෙලි නාට්‍ය පුරාවටම තියෙන්නෙ තාරුණ්‍යය. තරුණ වයසේ ගැහැනු ළමයෙක් හැටියට කොහොමද ඔයාට ඔය තාරුණ්‍යය දැනෙන්නෙ?
ලොකු වගකීමක් නැති, හීන පස්සෙ එළවන වයසක්නෙ. හීන සැබෑ කරගන්න දඟලන කාලයක්නෙ. හුඟක් වෙලාවට වගකීම්වලින් බැහැර වෙච්ච නිදහසක්.
 
තාරුණ්‍යයේ නිදහසක් තියෙනවද?
සමහර හීනවලට නිදහසක් තියෙනවා. සමහර ඒවාට නෑ. ඒත් තාරුණ්‍යය සුන්දරයි.

තාරුණ්‍යය හිතුවක්කාරයිද?
ටිකක් විතර නේද?

ඔයත් එහෙමද?
ඔව් ඉතින් කරන්නෙම හිතුවක්කාරකම් තමයි.

එහෙම වෙලාවට බැනුම් අහල නැද්ද?
අපෝ බැනුම් අහල තියෙනවා.

අම්මගෙන්ද?
හ්ම්. අම්මා නම් චුට්ටක් බනිනව.

ඉස්කෝලෙ යන කාලෙ ඔයා දඟකාරියක්ද?
ඔව්. බාගෙට බාගයක් දඟයි. අපි යාළුවො සෙට් එක 9 දෙනෙක් හිටියා. 6 දෙනෙක්ම එක පන්තියෙ. ඉතුරු තුන්දෙනා වෙන පන්තිවල. එකට එකතු වෙච්ච ගමන් කරන්නෙම දඟ වැඩ. ඒවාට ලැබෙන දඬුවම දණගහගෙන ඉන්න එක.

ඔයාගෙ A/L කොහොමද?
නාට්‍යයේද? මගේද?

ඔයාගෙ?
මං කළේ Commerce ඒ වුණාට මං කැම්පස් යන්න හීන දැක්කෙ නෑ. මට ඕනෑ වුණේ හොඳ රස්සාවක් කරන්න. Business management පැත්තෙන් ඉගෙන ගන්න.

ඒ හීන ඒ විදියටම ඉටුකර ගන්න බැරිවුණ එක ගැන දුකක් නැද්ද?
නෑ. මං අද ගැන ඉන්නෙ බොහොම සතුටෙන්.

මේ දවස්වල තියෙන්නෙ මොනවගේ හීනද?
ඉක්මනටම මගේ කියල ගෙයක් හදාගන්න. හොඳ කෙනෙක්ව කසාද බඳින්න.
මොනවගේ හීන කුමාරයෙක් ගැනද ඔයාගෙ හිතේ තියෙන්නෙ?
මගේ හීන කුමාරයා මට ආදරේ කරන බොරු නොකියන හොඳ කොල්ලෙක් වෙන්න ඕනෑ.

එහෙම කෙනෙක් හමුවෙලාද ඉන්නෙ?
තාම නෑ.

මේ ක්‍ෂේත්‍රයේවත් හිටියෙ නැද්ද?
මේ ක්‍ෂේත්‍රයේ මට හීන කුමාරවරු නෑ. සේරම වගේ යාළුවෝ.

ක්‍ෂේත්‍රයේ කෙනෙක්ගෙන් එහෙම යෝජනාවක් ඇවිල්ලවත් නැද්ද?
අහල තියෙනවා. ආසා වුණහම එහෙම දෙයක් අහන එක පොදු දෙයක්නෙ. එහෙම දේවල් සතුටින් මං ප්‍රතික්‍ෂේප කරපු අවස්ථා තියෙනවා.

ඔයා ඔය කියන්නෙ ආදරේ කරල නෑ කියන එකද?
මං ආදරේ කරල තියෙනවා. හුඟක් ඉස්සර.

ඒ ආදරේට මොකද වුණේ?
නොගැළපීම් හින්ද දුරස් වුණා.

ඒ ආදරේ දැන් කෝ?
ලංකාවෙ නෑ.

මොකද හිතුණෙ?
හැම ආදරවන්තියකට වගේ දුක හිතුණා.

ඔයාට දැන් හිතෙන්නෙ ඔයාගෙ දෛවයේ ලියැවිලා තිබුණෙ රඟපෑම කියලද?
කල්පනා කරල බලනකොට ඒකත් ඇත්ත. මොකද මම රඟපාන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙවෙයිනෙ. ඒත් දෛවයේ ලියවෙන්නැත්තෙත් රඟපෑම වෙන්නැති.

එතකොට නර්තනයට තිබිච්ච හපන්කමට මොකද වුණේ?
රියැලටි වැඩසටහනකින් පස්සෙ ප්‍රසංග කීපයක් කළා. හැකියාව තිබුණ හින්ද අම්මත් හුඟක් මාව උනන්දු කළා. ඒත් එක දිගට රඟපෑමට ආරාධනා ලැබුණා. නර්තනයට කාලය අඩු වුණා. මේ දවස්වලත් හුඟක් කාර්යබහුලයි. ඉතින් නට නටා ඉන්න බෑනෙ.

ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නෙ?
ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය බොහොම වටින දෙයක්. ඔවුන්ගෙ ආදරය පිරිසුදුයි. ඒත් වැරැදි විදියට තේරුම් ගත්ත වෙන වෙන අවස්ථා තියෙනවා.

ඉදිරියේදී ඔයාව චිත්‍රපටවලිනුත් දැකගන්න පුළුවන්ද?
ඔව්. මම චිත්‍රපට 3ක රඟපෑවා. “සෙල්වම්” තිරගත වුණා. “මායාවී”, “හෘද ස්පන්දනය” තාම පෝලිමේ.


Gossip Lanka Hot News Previous News Archive