පිරිමි අයට නම් මම ටිකක් අහංකාරයි - Sheryl Decker

 විවාහයට පෙර තිබුණ දේවල් කිසිම වෙනසක් වෙලා නැහැ - ෂෙරිල්
අමා ටෙලි නිර්මාණයේ අමා ලෙස ජනාදරයට පත්වී මේ දිනවල දම්සාරි ලෙස ප්‍රේක්‍ෂකයන් අතරට එන ෂෙරිල් ඩෙකර් නර්තනයෙන් වගේම රංගනයෙන් අපූරු හැඩතල මැවූ සුන්දර රංගන ශිල්පිනියක්. නිතර නිතර ප්‍රේක්‍ෂකයන් අතරට නොආවත් ඇය ප්‍රේක්‍ෂකයන්ට වඩාත් සමීප චරිතයක්. ඒ නිසාම මෙවර කතාබහට ඇයව එක්කාසු කර ගන්න අපි හිතුවා.

ඔබ ක්‍ෂේත්‍රයට එන්නේ නර්තන ශිල්පිනියක් විදියට. දැන් නර්තනය අමතක කරලද?
අනේ නැහැ. මම තාම නර්තන කටයුතු කරනවා. ළඟදි මම ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගත්තා. එහි ඉගැන්වීම් කටයුතු කරනවට අමතරව නර්තන ප්‍රසංගයකට විදේශගත වෙන්න ඉන්නේ.

ඔබ සුවිශේෂ නර්තන හැකියාවක් තියෙද්දි රංගනය පැත්තට යොමුවෙන්නෙ හිතුවෙ ඇයි?
අපට විවිධ හැකියා තියෙනවා. මටත් නර්තන හැකියාව වගේම රංගන හැකියාවකුත් තියෙනවා. ඉතින් මං ළඟ තියෙන හැකියාව හංගගෙන ඉන්න ඕන්නෑනේ. ඒ නිසා මගේ අම්මා තමයි රංගනය පැත්තට මාව මුලින්ම යොමු කළේ. ඊට පස්සේ මමත් කැමැත්තෙන්ම රංගනයට යොමු වුණා. විශේෂයෙන්ම මට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙත් නර්තනය නිසා.


ෂෙරිල් මේ දවස්වල දම්සාරි ටෙලි නිර්මාණයෙන් විතරයි දකින්න ලැබෙන්නේ?
රංගනයට නම් ආරාධනා ලැබෙනවා. නමුත් මගේ ඒජචඤඥථර එකේ වැඩ සහ විදේශ සංචාරවලට සහභාගි වෙන්න තිබෙන නිසා ඒ වැඩ භාරගන්නේ නැහැ. ඒ වගේම මට කිසිම තණ්හාවක් නැහැ. වැඩ සියයක් කරනවාට වඩා මම කරන එක වැඩකින් මට තෘප්තිමත් වෙන්න පුළුවන්. දම්සාරි කියන්නෙත් හොඳ නිර්මාණයක්. එයට මාව සම්බන්ධ කරගත් බුද්ධික කුලසේකර, චාමර ඇතුළු පිරිස මේ වෙලාවේ මතක් කරනවා.

විවාහ වුණ නිසා සීමා මායිම් දාගෙනද රඟපාන්නේ?
විවාහ වුණ නිසා වෙනදට වඩා වගකීම් වැඩියි. මම කොහොමත් මට ගැළපෙන දේවල් විතරයි කරන්නේ. රුවන් මගේ වැඩවලට සීමා දාන්නේ නැහැ. නමුත් තෝරලා බේරලා වැඩ කරන්න කියලා තමයි රුවන් හැමදාම කියන්නේ.

රංගන ශිල්පිනියක් වුණහම සීමා මායිම් දාගෙන වැඩ කරන්න පුළුවන්ද?
මෙහෙමයි. අපි අපිට නොගැළපෙන දෙයක් කළොත් අපිට ආදරේ කරන ප්‍රේක්‍ෂකයනුත් ඒ දේට කැමැති නැහැ. ඒ නිසා මට කරන්න පුළුවන් සීමාව දැනගෙන වැඩ කළාම මමත් තෘප්තිමත්, ප්‍රේක්‍ෂකයනුත් තෘප්තිමත්.

රූප සම්පත්තිය තිබෙන නිසා රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්ද?
රූපය නිසා රංගනයට ආපු අය ඉන්නවා. නමුත් රංගනයේ රැඳෙන්න නම් රූපය විතරක් ප්‍රමාණවත් නැහැ. එයට හැකියාව, දක්‍ෂතාව තමයි අවශ්‍ය වෙන්නේ.

ඔබ නර්තනයට දක්‍ෂ වුණාට ඒ දක්‍ෂතාව ඉදිරිපත් කළ හැකි නිර්මාණ ලැබිලා නැහැ නේද?
තාම නම් ලැබිලා නැහැ. නර්තන හැකියාව පෙන්විය හැකි නිර්මාණ වගේම ඒකාකාරී චරිතවලින් මිදිලා වෙනස් චරිත රඟපාන්න මම කැමැතියි. නමුත් මට ඒ අවස්ථාව ලැබිලා නැහැ.

දිගටම මෙගා නාට්‍යවලට කොටුවෙලා ඉන්නද අදහස?
නැහැ. ඉදිරියෙදි මම මෙගාවලින් ඉවත් වෙනවා. ඊට පස්සේ මම රඟපාන්නේ සීමිත කොටස් සංඛ්‍යාවක් සහිත ටෙලි නාට්‍යවල විතරයි.

සිනමාව පිළිබඳ සිහින දකින බොහෝ දෙනෙක් සිටියදී ඔබ සිනමාව අමතක කරලද?
අනේ නැහැ. මම සිනමාවට තමයි ගොඩක් කැමැති. සිනමා නිර්මාණවලටත් අවස්ථා ලැබුණා. ඒත් වැඩ පටලව ගන්න බෑනේ. ඉදිරියේදී හොඳ සිනමා නිර්මාණ ලැබුණොත් එම නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

ෂෙරිල් ආඩම්බරකාර චරිතයක් කියන්නේ ඇත්තද?
ගැහැනු ළමයි වුණහම ටිකක් අහංකාර වෙන්න ඕන. පිරිමි අයට නම් මම ටිකක් අහංකාරයි. අනිත් අයට එහෙම නැහැ. මම මගේ පාඩුවේ ඉන්න නිසා එහෙම හිතෙනවා ඇති.

ඔයාට කටකතා හැදිල තියෙනවද?
අපෝ අනන්තයි, අප්‍රමාණයි.
 
කටවතාවලට බයද?
අනේ නැහැ. වැඩක් නැති දේවල්. මේ ක්‍ෂේත්‍රයේ කීදෙනෙක්ට කටකතා හැදිල තියෙනවද? මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. ඒවා ලොකු කරගෙන මඩ ගහන එකට මම විරුද්ධයි. කොහොම වුණත් මට හැදෙන කටකතා ගැන නම් එක කනකින් අහලා අනිත් කනින් පිට කරනවා.

විවාහ ජීවිතේ අලුත් වෙනස ඔයාට දැනෙන්නේ කොහොමද?
රුවනුයි මායි වෙනම නිවෙසක ජීවත් වෙන්නේ. විවාහයට පෙර තිබුණ දේවල් කිසිම වෙනසක් වෙලා නැහැ. අපි සතුටින් අපේ පාඩුවේ ජීවත් වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive