විවාහය කල්ගියා - සමාධි

චීත්ත ගවුමයි, පන් මල්ලයි මලීගේ අනන්‍යතාවක් වගේ. ඒ මලී... එත් මලී වුණ සමාධි එකම රාමුවකට කොටු වෙනවාට ඇගේ ප්‍රේක්‍ෂකයෝ කැමැති නෑ. මලීගෙන් පස්සේ සමාධි නිහඬයි. ඒ නිහඬතාවට හේතු හොයන්නයි අපිට ඕනෑ වුණේ...


• ඉතිං... ඉතිං.... සමාධි...?
හොඳින් ඉන්නවා ඉතිං...


• මොකද සද්ද බද්ද නැත්තේ...?
මම කොහොමත් නිහඬ කෙනෙක්නේ.... කවදත් මම සද්ද කළේ නෑනේ...


• 'මලී'ගෙන් පස්සේ පේන්න නැත්තේ ඇයි...?
ටෙලි නාට්‍ය දෙකක් කළා. 'මහමෙරකි නුඹ මට', 'දුවන බාබර්' ටෙලි නාට්‍ය තාම විකාශය වුණේ නෑ.... වෛශ්නාවි, මම රඟපාපු එකම චිත්‍රපටයත් තාම තිරගත වුණේ නෑනේ... මං හිතන්නේ මේ මගේ විරාම කාලයක්ද කොහෙද?




• 'මලී' නිමා වෙලත් ටික කලක් වෙනවා... ටෙලි නාට්‍ය දෙකකට විතරක් සම්බන්ධ වුණේ තව ආරාධනා නොලැබුණ නිසාද?
ආරාධනා නම් ලැබුණා. ඒත් ලැබෙන හැම ආරාධනාවක්ම භාර ගන්න බෑනේ. කොහොමත් මේ ක්ෂේත්‍රයට එනකොට මම තීරණය කළා 8.00, 8.30, 9.00ට හැම නාට්‍යයකම පෝලිමේ පේන්න ඉන්නෙ නෑ කියන එක. එහෙම දකිනකොට ප්‍රේක්ෂකයාට වුණත් අපිව එපා වෙනවා කියලා මට හිතෙනවා... ඉදිරියේදී වුණත් ඒ දේ එහෙමම තමයි.


• සමාධිගේ රංගන ජීවිතය ගැන නෙවෙයි පෞද්ගලික ජීවිතය ගැන කතා කරමුකෝ... සමාධි පෙම්වතියක්නේ.. පෙම්වතා ගැනත් කියමුකෝ...?
ඔව්....... ඔව්... මම පෙම්වතියක්. මගේ පෙම්වතා සංජය මොරගොල්ල.


• සංජයව හමුවුණෙත් රූගත කිරීමකදිනේ...?
'මහ මෙරකි ඔබ මට' නාට්‍යයේ අපි දෙන්නා තමයි පෙම්වතුන් වුණේ.


• කැමරාව ඉදිරියේ රඟපාපු ප්‍රේම ජවනිකා සැබෑ ජීවිතයේත් රඟපාන්න හිතුණේ ඇයි....?
අනේ මන්දා... අයියාටත් මං ගැන කැමැත්තක් ඇතිවෙලා... මටත් ඒ හැඟීම් එහෙම්මම දැනුණා... ඒත් අද කාලේ මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද? ගෑනු ළමයෙක් විදියට කාටත් වඩා මම පරිස්සම් වෙන්න ඕනෑනේ... ඒ නිසා කොච්චර කැමැති වුණත් මම ඒ හැඟීම කිව්වේ නෑ...


• ඒ කියන්නේ අප්‍රකාශිත ආදරයක්...?
ඔව්... හැබැයි ඒ ආදරය ප්‍රකාශිත ආදරයක් කරලා... අපේ අනවබෝධය දුරු කරලා... අපිව ළංකරපු විශේෂ කෙනෙකුත් ඉන්නවා... එයාගේ මැදිහත්වීම නැත්නම් මට මේ වගේ හොඳ පෙම්වතෙක් මඟ හැරෙන්නත් තිබුණා.


• කවුද ඒ විශේෂ කෙනා...?
අපේ 'සුදු සීයා....' ඒ කියන්නේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා... සතිශ් අංකල් තමයි ඒ නාට්‍යයේ සුදු සීයා... සමහර විට සතිශ් අංකල්ට අපි දෙන්නා ගැළපෙනවා කියලා හිතෙන්න ඇති. තාත්තා කෙනෙක් වගේ අපි දෙන්නට වෙන වෙනම අවවාද කරලා... අපි දෙන්නාව ළං කළා... ඒනිසා සතිශ් අංකල්ට අපේ ආදර කතාවේ වැදගත් තැනක් හිමිවෙනවා... අපි දෙන්නා අංකල්ට ණයගැතියි. ඒ වගේම ගොඩාක් ආදරය කරනවා.. ගොඩාක් ගරු කරනවා...


• සමාධි නළුවෙක්ව විවාහ කරගන්නේ නෑ කියලනේ මුලදි කිව්වේ...?
ඔව්... මේ මම හීනෙන්වත් ප්‍රාර්ථනා කරපු දෙයක් නෙවෙයි... ඒත් ඒක එහෙම වුණා.. සංජය අයියා මීට කලින් නිර්මාණ දෙකකට විතර සම්බන්ධ වෙලා තියෙනවා... ඒත් තාම ඒවා විකාශය වෙලා නෑ... මාව හම්බවුණු 'මහමෙරකි නුඹ මට' නාට්‍ය එයාගේ අවසාන රංගනය කියලයි අයියා නම් කියන්නේ...


• ඔයාගෙත් අවසාන රංගනය වෙයිද?
නෑ... නෑ.. මගේ රඟපෑම නතර වෙන්නෙ නෑ...


• නොවැම්බර් විවාහ වෙන්න නේද හිටියේ... ඇයි මංගල්‍යය කල් ගියේ...?
නැකත්වල ප්‍රශ්නයක් තිබුණා... අයියාට විදෙස් සංචාරයකටත් සහභාගි වෙන්න සිද්ධවුණානේ. ඒ නිසා Weddin එක ටිකක් කල් ගියා.


• කවදා විතරද එක කූඩුවක කූඩු වෙන්නේ....?
ලබන අවුරුද්දේ මුල.. ඒකනම් වෙනස් වෙන්නෙ නෑ...


• පෙම්වතා රඟපාන්නේ නැත්නම් මොකද කරන්නේ...?
ව්‍යාපාර කටයුතු තමයි. එයාට 'ද මීඩියා හවුස්' කියලා ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. ඉදිරියේදී අපි ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමුවෙන්න හිතාගෙන ඉන්නවා... මමත් අයියාගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩට උදවු වෙනවා...


• ඒ කියන්නේ අනාගතයේ සැමියා නිෂ්පාදනය කරන නාට්‍යවල බිරිය රඟපායි...?
අයියත් එහෙම කියනවා. ඉස්සරහට බලමුකො ඉතිං...


හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Gossip Lanka Hot News Previous News Archive