දයාසිරිට ප‍්‍රථම තැනට එන්න බැ - අකිල විරාජ් කාරියවසම්

වයඹ පළාත් සභා අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා කොම්පියුටර් ජිල්මාට් කතාවක් ඇදගත්තේ තමන්ට ප‍්‍රථම තැනට එන්න බැරිවීම නිසා යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘කොම්පියුටර් ජිල්මාට් දානවා කියන එක අද දයාසිරිගේ පරාජය, වගේම ඔහුට ප‍්‍රථම තැනට එන්න බැරිවීම නිසා කියන අදෝනාවක් විදිහටයි අපි දකින්නේ මොකද කොම්පියුටර් ජිල්මාට් දාන්න විදිහක් නැහැ.
මේ මැතිවරණ ක‍්‍රමය යටතේ විශේෂයෙන්ම සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකින්ම ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප‍්‍රධානියා විසින් එක්සත් පක්ෂය විසින් ලබා ගන්නා ඡුන්ද සහ මනාප සංඛ්‍යාව ලිඛිතව ලබා දෙනවා. එවැනි තත්වයක් යටතේ කිසිසේත් කොම්පියුටර් ජිල්මාට් දාන්න ක‍්‍රමයක් නැහැ.ඒක අපි පැහැදිලිවම කියන්න ඕනේ. කොම්පියුටර් ජිල්මාට් දාන්න පුළුවන් නම් කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරන්නේ නැහැ. 
ආණ්ඩුව මේ නගර සභාවේ බලය ගන්න හැමදෙයක්ම කළා. නමුත් රජයට කොළඹ මහ නගර සභාව ජයග‍්‍රහණය කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි කියනවා කොම්පියුටර් ජිල්මාට් දානවා කියන කතාව දයාසිරි ජයසේකර මහතාට ප‍්‍රථමයා වීමට තිබෙන නොහැකියාව නිසාත්, ඔහුව ජනතාව ප‍්‍රතික්ෂේප කරනවා කියන එක වහගන්න මැතිවරණයෙන් පසුව කියන්න නියමිත දේ මැතිවරණයට පෙර ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා කියන එකත්. ඒකෙන්ම පේනවා එතුමා මැතිවරණයට පෙරම පරාජය භාරගෙන කියලා’ යැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive