ස්පාඤ්ඤ රජයට බදු වංචා කිරීමේ චෝදනා ලබාසිටින සුප්‍රකට සම්මානනීය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා ඊයේ (27) අධිකරණය හමුවට පැමිණ තිබේ.
වසර 2007-2009 කාලය තුළදී ස්පාඤ්ඤ රජයට යූරෝ මිලියන 4ක පමණ ප්‍රමාණයක් වංචා කර ඇතැයි මේ වන විට මෙසී හා ඔහුගේ පියා ට චෝදනා එල්ලවී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.
නඩුවිභාගයෙන් පසුව මෙසී හෝ ඔහුගේ පියා ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත්, ඔවුන්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ බදු වංචා කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් බදු බලධාරීන් සමග විසඳුමකට එළැඹීමට කැමැත්ත පිළිබඳවත් සිය සේවාදායකයන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි.
මේ වන විටත් ඔවුන් දෙදෙනා යුරෝ මිලියන 5කට අධික ‘නිවැරදිකරන ගෙවීමක්’ සිදුකර තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසී ගේ පියා විනිසුරුවරයා වෙත දන්වා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි.
වසරේ ක්‍රීඩකයා ලෙස කිහිප වරක් ම බැලන් දෝර් සම්මානයෙන්ද පිදුම් ලැබූ 25 හැවිරිදි මෙසී, ලොව පාපන්දු ඉතිහාසයේ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වෙන අතර, ඔහුගේ වාර්ෂික ආදායම යූරෝ මිලියන 16 ඉක්මවයි.
(ඡායාරූපය : ඒ.ඇෆ්.පී)
සබැඳි පුවත්