Sep272013

කල් ඉකුත් වූ භාණ්ඩ ඉවත් විය යුතුයි - සජිත් පේ‍්‍රමදාස

දේශපාලනයේදී ජනතාව අතර රැදී සිටීමට අවශ්‍ය කරන වටපිටාව තමන්ම සකසා ගතයුතු බැවින් කිසිවෙකුට පවට පින දිය නොහැකි බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. 
කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ විට ඉවත් වන්නැයි ජනතාව පවසද්දී මොහොතක් හෝ ප‍්‍රමාද නොවී ඉවත්වීමට දේශපාලඥයන් සූදානම් විය යුතු යැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි. 
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කටුවනදී දුරුවන්ට ළමා ගිණුම් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදාදීමෙ උත්සව අවස්ථාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය. දේශපාලඥයන් දඩබ්බර ඒකාධිපතීන් ලෙස වියරුවෙන් හැසිරෙන විට ජනතාව ද ඔවුන්ට පල නොකිය පලා බෙදන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර සිටියේය. 
 අවමානයට පාත‍්‍ර නොවී ජනතා ගරු බුහුමන් මැද පිටව යාමට අවශ්‍ය නම් නම්‍යශීලීවීමේ ගුණය තිබිය යුතු යැයි කී මන්ත‍්‍රීවරයා එසේ නොවේ නම් ඔවුන්ගේ දේශපාලන දිවියම කුජීත භාවයට පත්වන බව පවසයි. 
දේශපාලනය රදාපවතින්නේ ජනතාවගේ කැමැත්ත අනුව යැයි සදහන් කළ සජිත් පේ‍්‍රමදාස මහතා ජන විඥානයක් ඇතිව දේශපලඥන් කටයුතු කළයුතු යැයිද පැවසිය.සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වීරයන්, වැඩකාරයන්, කවටයන් හා බොරුකාරයන් අතර වෙනස හදුනාගැනීමට ජනතාවට හොද ඉවක් තිබෙන බවයි. 

Gossip Lanka Hot News Previous News Archive