ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කෙනෙහිලි කිරීම් අභිබවමින් දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවති පළාත් සභා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැඩිම මනාපලාභියා බවට පත්ව තිබේ.
ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්හයදාස් තුන්සිය විසිඅටකි (3,36,328) කි.
ඔහුට තරඟයක් දුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇත්තේ, මනාප 1,34,493කි.
ජනාධිපතිවරයාත්, ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාත් ජොහාන් ප්‍රනාන්දු මහතාට මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂී අනුග්‍රහයක් දක්වා තිබියදී පවා, දයාසිරි මහතා ලබාගත් ඇති විශාල මනාප සංඛ්‍යාව කැපිපෙනෙන දේශපාලන කඩඉමක් බව දේශපාලන විචාරකයින් පවසති.
ජනාධිපතිවරයා බොහෝ පොරොන්දුදී, දේශපාලන තරුවක් වූ දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් කඩා ගෙන පළාත්සභා සටනට අතහැර දැමුවද, මැතිවරණ ව්‍යාපාරයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වාසිසහගත ලෙස කටයුතු කිරීම කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබිණ.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සියලු අපේක්ෂකයින් අබිබවා වැඩිම මනාප ලබාගන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා බව, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති ජෝතිෂ්‍යවේදි සුමනදාස අබේගුණවර්ධන මහතා කියා සිටියේ, දයාසිරි ජයසේකර මහතා තම මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භකළ මුල් අවස්තාවේදීය.
එසේම, දයාසිරි ජයසේකර මහතා සිය මැතිවරණ ප්‍රකාශය ජනාධිපතිවරයාට බාරදීමට ගිය අවස්ථාවේදී නොසලකා හැරිමට ලක්වූ අතර, පසුගිය දා කුරුණෑගලදී පැවති ශ්‍රීලනිප සංවත්සර සමුළුවේදී ජනාධිපතිවරයා ජොහාන් ප්‍රනාන්දු මහතාට විශේෂ අනුග්‍රහයක් දැක්විය.
එසේම කුරුණෑගල මැතිවරණ ප්රචාරක කටයුතුවලදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දක්වන ලද දායකත්වය ජනාධිපතිවරයා මහ ඉහලින් වර්ණනා කර තිබුනේ, කුරුණෑගල ශ්‍රීලනිප ජේෂ්ඨ සංවිධායකයින් ඉදිරිපිටදිය.
එසේම, නාමල් රාජපක්ෂ මහතා, ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්රචාරක ව්‍යාපාරය කරටගෙන කටයුතු කල අතර, ජොහාන්ගේ සංගීත සාජ වලට පවා සහභාගිවිය.
දයාසිරි හා කරටකර සටහනක් පැවති මොහොතේදී, එක් වැඩි මනාපයක් හෝ ගතහොත් මහ ඇමතිකම දෙන බවටද ජනාධිපතිවරයා ජොහාන් ප්‍රනාන්දු මහතාට පොරොන්දුවී තිබීණ.
ජනාධිපතිවරයාත් , ජනාධිපති පුත්‍රයාත් එසේ ජොහාන්ට එළිපිට සහය දැක්වීම සම්බන්ධයෙන් කෝපයට පත් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ජේෂ්ඨයින් එම ක්‍රියාවට විරෝධය පල කිරීම සඳහා දයාසිරි ජයසේකර මහතාට සහයදීමට තීරණය කල බව එම පක්ෂයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසිය.
ජනාධිපතිවරයා සමග අමනාපයෙන් සිටින අමාත්‍ය එස්.බි. නාවින්න අමාත්‍යවරයා ඊට නායකත්වය දුන් අතර, සාලින්ද දිසානායක, ජයරත්න හේරත් යන අමාත්‍යවරුන්ද එහි පෙරමුණ ගෙන සිටියහ.
නාමල් රාජපක්ෂ මහතාගේ සුමිතුරු ජොහාන් ප්‍රනාන්දු මහතාට එරෙහිව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් එල්ලකළ මෙම අභියෝග, ශ්රීලනිපය දියකර හැරීමට රාජපක්ෂවරුන් දරන උත්සාහය පරාජය කිරීමේ පළමු වෙඩිමුරය බව එම පක්ෂයේ ජේෂ්ඨ ක්‍රියාකාරිකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
උතුරු පළාතේ ඡන්ද ප්‍රතිඵලය සේම, ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මනාප සංඛ්‍යාවද ජනාධිපතිවරයාගේ වත්මන් ජනප්‍රියතාවය මැනිය හැකි ප්‍රබල සාධකයක් වනු ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' පසුගිය 20 දා අවධාරණය කර සිටියේ ඉහත තත්වය යටතේය.
ජනාධිපතිගේ හා නාමල් රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වඩා, ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ ආශීර්වාදය ලත් දයාසිරි ජයසේකර මහතා එක මනාපයකින් හෝ ජයගතහොත් එය මෙරටේ අනාගත දේශපාලනයේ තීරණාත්මක කඩඉමක් වනු ඇතැයිද එම විග්‍රහය මගින් 'ශ්‍රී ලංකා මිරර්' අනාවරණය කළේය.
මෙම ඡන්ද ප්‍රතිපලය ජනාධිපතිවරයාට තියුණු බලපෑමක් ඇති කරන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඇති සූදානමත් සමඟය.