මේ දිනවල පැවැත්වෙන ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ‘හයිද්‍රාබාද් සන් රයිසස්’ කණ්ඩායම නියෝජනය කරන ශ්රී ලංකා තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා මුදලට තරග පාවා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ පසුගියදා අවසන් වූ අයි.පී.එල්. තරගාවලියේදී මෙම පාවාදීම සිදුකර ඇති බවයි.දිල්ලි පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බුකී කරුවෙකු විසින් අදාල තොරතුරු ප‍්‍රකාශකර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
හයිද්‍රාබාද් සන් රයිසස් කණ්ඩායම නියෝජනය කල තිසර පෙරේරා ඇතුලූ තවත් කී‍්‍රඩකයන් තිදෙනෙක් ඉන්දීය රුපියල් කෝටි 6 ක මුදලකට තරග පාවා දුන් බව ඔහු ප‍්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බවයි.
කෙසේ නමුත් තිසර පෙරේරා තරඟ පාවාදීමට සම්බන්ධ බවට තමන්ට නිල වශයෙන් කිසිදු වාර්තාවක් ලැබී නැති බව මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.