කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු මහතාදිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පැමිණෙන්නේ යයි බවට තමන් අනාවැකි නොකියූ බවත්, තමන් පෞද්ගලිකව ජොහාන් දිරිමත් කිරීමට ඔහු ‘පළමු ස්ථානයට පත් වන ලෙසට’කළ සුබ පැතුමක් වරදවා වටහාගෙන ඇති බවත් ප‍්‍රවීණ ජ්‍යෙතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි.
තමන් කාලයක් තිස්සේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුලේ හිතවතෙකු බවත් එම හිතවත්කම මත තමන්ගේ පුතා පළමු වතාවට මැතිවරණයකට නාම යෝජනා භාරදීමට යන දිනයේ කුරුණෑගල නිවසට පැමිණීමට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා තමන්ට ආරාධනා කළ බවත් අබේගුණවර්ධන මහතා දන්වා සිටියි. එසේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කිතුනු භක්තිකයෙකු නිසා ජොහාන් ප‍්‍රනාන්දු මහතාට ජන්ම පත‍්‍රයක් නොමැති බවද අබේගුණවර්ධන මහතා සදහන් කරයි.
‘මම මගේම පවුලේ හිතවතෙක් නිසා එතුමගේ මේ අවුරුදු 25ක් වයසැති දරුවාට පළමුවතාවට ඡුන්දයට ඉදිරිපත් වන නිසා ඒ දරුවා දිරිමත් කළ යුතු බැවින් ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන පළමුවැනි ස්ථානයට පත් වෙන්න කියලා සුබපැතුම් එක් කළා.
එය සිදු කළේ ප‍්‍රසිද්ධ උත්සවයකදී නොවේ.එතුමගේ නිවසෙදීමයි.මම ජොහාන් ප‍්‍රනාන්දු පුතාගේ ජීවිතයේ ඉතා වැදගත්ම අවස්ථාවේ ඔහුට සුබ පැතුමක් එක් කළ පමණයි’ යනුවෙන් පවසන අබේගුණවර්ධන මහතා දයාසිරි ජයසේකරට වැඩිම මනාප ලබා ගැනීමට අපහසුවන බවක් හෝ ඔහුට මහ ඇමති ධූරය හිමි කර ගැනීමට අපහසු වන බවක් හෝ තමන් කිසිදු අවස්ථාවක සදහන් නොකළ බවද පවසයි.