ආර්.එල්. ස්පිට්ල් සාහිත්යධරයාණන් ගේ ‘සුදු ගෝනා‘ සහ ‘සුදු වැද්දා‘ ඔබ කියෙව්වාද? එම කෘතිද්වය තුළ ඇති අන්තර්ගතය මෙසේ ය.
පාසලෙන් පැනවිත් නාවිකයෙකුවන හෑන්ස්, ඇමස්ටර්ඩෑම් නුවරින් පිට වී පෙරදිගට සංචාරය කරන්නේ, නැව බිදී ලංකා වෙරළට සේන්දු වේ.
එහි දී වන වදින හෑන්ස්, වැදි රැළකට හසු වී පසු ව සුදු ගෝනෙකු නිසා කන්ද උඩරට රජු ගේ සිරකරුවෙකු බවට පත් ව රජු ගේ කපිතාන්වරු දෙදෙනා සමග කුළුපග වන්නේ ය. එයින් එක් කපිතාන්වරයෙකු ඕලන්ද ජාතිකයෙකුවන අතර, අනෙකා පෘතුගීසි ජාතිකයෙකි.
රාජ උදහසට ලක් ව තිබුණ ද අවසානයේ මරණයෙන් ගැලවෙන හෑන්ස්, කපිතාන්වරු දෙදෙනා ද සමග වන වදී. ඔව්නට උදව් කළා යැයි රජු ගේ ලේලියවන නාලිනී ද වැදි රැහැට පන්නා දැමේ. පසු ව ඇගේ පෙම්වතාවන නීල ද රජ මැදුරෙන් පැන යයි. සියල්ලෝ හෑන්ස් ගේ රැකවරණය යටතේ මහ වනයේ දිවි ගෙවති. පසු ව ඔව්න් ගේ ඉල්ලීම මත හෑන්ස්, ඔව්න් මහ වනයෙන් පහත රට ගම්මානයකට ඇරලවයි. ඒ ගම්මානය ආරම්භ වන්නේ දෙව්මැදුරකිනි. දෙව්මැදුරේ වැඩ සිටින්නේ ඩේමියන් පියතුමා ය. ඩේමියන් පියතුමා යනු පෘතුගීසීන් හා ලන්දේසීන් අතර පැවති අවසන් කොළඹ මහ සටනේ පෘතුගීසි ජාතිකයෙකු වූ ගැස්පා සමග උරෙනුර ගැටෙමින් සටන් කළ විරුවෙකි. ස්පිට්ල් සූරීන් ගේ ‘සුදු වැද්දා‘ නවකතාව නිමවන්නේ එතැනිනි.
මේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් හයසිය ගණන්වල සිදුවීමකි.
එයින් පසු සිදුවන්නේ කුමක්ද? ලන්දේසි යුගයට අයත් පැරණි ග්රන්ථ රාශියක් පරිශීලනය කොට ජයන්ත කුමාරසිරි විසින් ‘සුදු කළුවර‘ ලියා ඇත. මේ වූ කලි ඓතිහාසික නවකතාවකි. මෙම නවකතාවට පෙරවදන හා පසුවදන සපයන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මැතිනිය යි. ජයන්ත කුමාරසිරි ලියා ඇති සෙසු සියලු කෘති පිළිබද තොරතුරු, ඔහු ගේ මුහුණු පොත (Face Book) තුළ අන්තර්ගත ව ඇත.
නොබෝදා දොරට වැඩි ඔහු ගේ ‘සුදු කළුවර‘ නවකතාව කියවන්න. පිටු 222යි. මිල රු.400/-යි. තැපෑලෙන් ලබාගන්නා අයට 10%ක් වට්ටම් අඩුකර රු..360/-කට තැපැල් මගින් ලබාගත හැකි ය. තැපැල් මගින් එවන සෑම සෑම පොතක් වෙනුවෙන් ම රු..145/-ක තැපැල් ගාස්තුව කතුවරයා විසින් දරනු ලැබේ. කතුවරයා අමතන්න
ජයන්ත කුමාරසිරි, අංක 117, කදුරුපේ, බූස්ස. දුරකථනය - 071 44 00 182 සහ 091 22 67 490