තමාගේ බලාපොරොත්තුව දකුණේ මහ ඇමති ධුරයට ඉදිරිපත්වීම නොව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පක්‍ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වයට සහ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි.
ජනතාව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයකදී තමන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම යයිද පවසන ඒ මහතා තමන් රට වටේ යන විට ජනතාව ඉල්ලන්නේ එයම යයි තේරුම් යන බවද කීවේය.