දයාසිරිට ‘හමර්’ රිය දුන් කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදහන්

කුරුනෑගල කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා අතුරුදහන් වීම තම කීර්තිනාමයට හා ප‍්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් මනාප පොරයක පැටලී සිටින පිරිසේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් බව හැඟී යන්නේ යයි කුරුණෑගල දිස්ත‍්‍රික් සන්ධාන අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
 තමන්ගේ හිතවතා,මිතුරා, ආධාරකරුවා ලෙසින් දිර්ඝ කාලයක් කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක මහතා 2013/09/04 දින රාත‍්‍රී සිට අතුරුදහන් වීම පිළිබදව දැනගත් මොහොතේ නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතිගරු ජනාධිපතිතුමාට සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් ඒ පිළිබදව දැන්ම් දී ඇත.
තමාගේ හිතවතා, ආධාරකරුවාගේ ජීවිතයට යම් අනතුරක් වීමට පෙර කඩිනමින් සොයා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා ආරක්‍ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කර ඇත.ඒ අනුව ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත විශේෂ ආරක්‍ෂක කණ්ඩායම් දෙකක් මේ වනවිටත් විමර්ශන කටයුතු අරඹා ඇතැයි ආරක්‍ෂක ලේකම්තුමා දැනුම් දුන් බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා දන්වා සිටී.සරත් රත්නායක මහතාගේ බිරිදට හා පවුලේ ඥාතීන්ට ඒ පිළිබද දැනුම් දී ඇත.
 සරත් රත්නායක මහතාගේ බිරිද, පුතු, දුව හා බෑනා. දයාසිරි ජයසේකර මහතා හමුවී 2013/09/05 උදේ ඒ පිළිබ`දව සාකච්ඡුාකර ඇත. එහිදී තමන්ට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව දයසිරි ජයසේකර මහතා ඔවුන්ට දැනුම්දී තිබේ.හිටපු කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වයඹ පළාත් සභා අපේක්ෂක නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ආධාරකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික ආර්.එම්.සරත් රත්නායක මහතා 2013/09/04 දින රාත‍්‍රී 9.00 පමණ සිට අතුරුදහන්ව ඇතැයි ඒ මහතාගේ බිරිද වන ඞී.ඩබ්.එච්.දීපානි මහත්මිය හෙට්ටිපොල සහ වාරියපොල යන පොලිස් ස්ථානයන්ට 2013/09/05 දින පැමිණිලි කර තිබේ. වයඹ මැතිවරණය දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කටයුතු ඉහල යමින් තිබෙන බැවින් මතින් හා ප‍්‍රචනණ්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක නියැලෙන තමාගේ කීර්තිනාමයට හා ප‍්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් මනාප පොරයක පැටලී සිටින පිරිසේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් ලෙස තමන්ට මෙම සිදුවීම් දාමය හැගෙන්නේ යැයි නීතිඥ දයාසිරි ජයසේකර මහතා දන්වා සිටී.
තමා වටා සිටින විවිධ හැකියාවන් සහිත පිරිස් කෙසේ හෝ ඉවත්කර, මීලදී ගෙන හෝ බියවද්දා ඔවුන් දැන් දයාසිරි සමග නෑ යනුවෙන් මාධ්‍ය මගින් හුවා දක්වීමට කටයුතු කර පහත් තෘප්තියක් ලබා ගැනීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරමින් සිටින්නේ යැයිද දයාසිරි ජයසේකර මහතා කියා සිටී.දයාසිරි ජයසේකර මහතා සමග ගියහොත් සිදුවනුයේ අතුරුදහන්වීමට යැයි හැගවීමටත් එසේ නැත්නම් ඔවුන් මුදලට හෝ වෙනයම් වරදානයකට මිලදී ගැනීමට හෝ මෙම කුමන්ත‍්‍රණකාරයින් කටයුතු නොකරාවියයි විශ්වාස කළ නොහැක. 
අතිගරු ජනාධිපතිතුමාගේ සිට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියළුම දේශපාලන නායකයන්ගේ ආශිර්වාදය හා සහාය තමට ලැබී ඇති මොහොතක මෙවැනි කටයුතු සිදුවීම එක් අතකින් කණගාටුවට කරුණක් බවත් අනෙක් අතින් පක්‍ෂ බෙදයෙන් තොරව තමාට සහාය දෙන ජනතාව නොම`ග යැවීමේ කූට කුමන්ත‍්‍රණයක එක් සිදුවීමක් පමණක් බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටී.මෙවැනි පහත් ගණයේ කුමන්ත‍්‍රණ ඉදිරියේදී වෙනස් ස්වරූපයකින් සිදු වුව හොත් එය පුදුමයට කරුණක් නොවන බවත් එවැනි සිදුවීම් වලදී ජනතාව විමසිලිමත්ව ඒ සම්බන්ධව කටයුතු කරන ලෙසද දයාසිරි ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.




Gossip Lanka Hot News Previous News Archive