ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලත් 27 හැවිරිදි ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මලල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු පවසා ඇත.
වසර 2016 දී බ්‍රසීලයේ, රියෝද ජනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසු මලල ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් තීරණය කර ඇති බව ඔහු එහිදී පවසා ඇත.
වසර 2008 බීජින් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9:5:8නිම කරමින් බෝල්ට් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
එය මීටර් 100 ඉසව්ව මිනිසකු නිමකළ හොදම කාලයයි.
ඉන් නොනැවතුණු උසේන් බෝල්ට් 2012 වසරේ පැවති ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9:6:3 කින් නිම කරමින් යළි එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද සමත් විය.
මීටර් 100 ධාවන ඉසව්වෙන් අඛණ්ඩව දෙවරක් රන් පදක්කම දිනාගත් ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වී සිටී. එසේම ඉකුත් දා පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ද මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කමට උසේන් බෝල්ට් විසින් දිනාගත්තේය.
වසර 2016 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද සිය සුපුරුදු දක්ෂතා දැක්වීමට තමන් සූදානමින් සිටින බවද උසේන් බෝල්ට් මාධ්‍ය වේදීන්ට පවසා තිබිනි.
එහිදී ද උසේන් බෝල්ට් රන් පදක්කම දිනාගත හොත් මීටර් 100 ධාවන ඉසව්වෙන් අඛණ්ඩව තෙවරක් රන් පදක්කම දිනාගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා ලෙසට වාර්තා අතරට එක්වනු ඇත.