මද සරුබවින් පෙළෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය සඳහන් කළාය.මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ ඔවුන් තුළ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් බව අඩුවීම බවද වෛද්‍යවරිය පැවසුවාය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 2012 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන 06 ක් හිsමිවීම නිමිත්තෙන් ඊයේ (10 වැනිදා) පෙරවරුවේ එම සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය මෙම තොරතුරු අනාවරණය කළාය.පවුල් සංවිධාන සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ප්‍රමිලා සේනානායක විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ ආගුස් යන මහත්මීන් ඇතුළු විධායක නිලධාරීහු රැසක් මෙම මාධ්‍ය හමුවට එක්වූහ.
නිරෝගී ප්‍රජනන සෞඛ්‍යයක් පවත්වා ගෙන යැම සම්බන්ධව බොහෝ කාන්තාවන් සහ පිරිමින් තුළ ඇති දැනුම මදවීමත් කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කිරීම නිසාත් මෙම ගැටලුව උදාවී ඇති බව අනාවරණය වී ඇති බවත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ විවාහක පවුල් තුළ දරුවන් නොමැති ගැටලුව බරපතළ අයුරින් පැවතිSම බවත් වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය ප්‍රකාශ කළාය.
බොහෝ දෙමාපියන් තම කුඩා ගැහැනු දරුවන්ට අධිපෝෂණයෙන් යුත් ආහාර පාන ලබාදීම නිසා ගැහැනු දරුවන් ඉතා බාල වයසින් වැඩිවියට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බවට සමීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි පවුල් සංවිධාන සංගමයේ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ ලසන්ත ගුණරත්න මහතා පැවැසීය.
ඒ අනුව වර්තමානයේ වයස අවුරුදු 10-11 වන විට ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම බහුලව දක්නට ලැබෙන බවද පැවසූ ඒ මහතා නමුත් ඔවුනට ඒ පිළිබඳව නිසි දැනුමක් නොලැබීම මත අතවරවලට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයිද සඳහන් කළේය.