මධ්‍යම පළාත් සභාවේ වැඩිම මනාප ලබා ගත් අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාට මහ ඇමැති ධුරය ලබාදීමට ජනධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දුවී ඇත.අනුරාධ ජයරත්න මහතා සිය අමාත්‍යංශයට කැඳවා අමාත්‍යවරයා එම සහතිකය ලබාදී ඇත.
එසේම ඒ වෙනුවෙන් අගමැතිවරයා එම තනතුරින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැතැයි ද බැසිල් ඇමතිවරයා දැනුම්දී තිබේ.
අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට දුරකථන ඇමතුමකදී ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, ඉදිරියේදී පැවැත්වෙන සන්ධාන පක්ෂනායක රැස්වීමේදී, මාධ්‍යම පළාතේ මහ ඇමති ලෙස අනුරාධ ජයරත්න මහතාගේ නම යෝජනා කරන්නයි දැනුම්දී තිබේ.