ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය බාරගැනීමට සූදානම් - සුසන්තිකා

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධූරයට පමණක් නොව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා ද තමන් අනාගතයේදදී තරග වැදීමට සූදානමින් සිටින බව හිටපු සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය. 
ඔලිම්පික් රිදී පදක්කමක් හා ලෝක ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගෙන සිටින සුසන්තිකා ‘ලංකාදීපය’ ට පැවසුවේ රටේ කඩා වැටී තිබෙන කී‍්‍රඩාව ගොඩ ගැනීම සඳහා තමන් මලල කී‍්‍රඩා සංගමයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූර බාරගැනීමට සූදානම් බවය. ඇය මෙසේද පැවසුවාය. ඒ සඳහා මට ඉහළම සුදුසුකම් තිබෙනවා. 
මේ රටේ ඉහළම මලල කී‍්‍රඩා ජයග‍්‍රහණය ලද කාන්තාව මමයි. කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ගත් මට කී‍්‍රඩා පරිපාලනයෙනුත් පදක්කම් දිනාගත හැකි තරමට වැඩ කරලා පෙන්වන්න පුළුවන් බව මට විශ්වාසයි. මේ වන වවිට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිනයක් ලෙස කටයුතු කරන 37 හැවිරිදි සුසන්තිකා සිය දෙවැනි දරුවා අපේක්‍ෂාවෙන් පසුවන්නීය. 
පසුගිය මහ මැතිවරණයේදී සන්ධානයෙන් කෑගල්ල දිස්ති‍්‍රක්කයට තරග වැඳුණු ඇය එහි සන්ධානයේ මන්තී‍්‍ර ධූරයක් හිස්වුවහොත් මනාප ලැයිස්තුවට අනුව ඊළඟට ඊට පත්වීමට සුදුසුකම් ලබා සිටින්නීය. ඇය දැනට ජනාධිපතිවරයාගේ කී‍්‍රඩා උපදේශිකාවක් ලෙසත් කටයුතු කරයි. 
පසුගිය කාලයේදී මලල කී‍්‍රඩා සංගමය ලබා දුන් විදෙස් සංචාර කිහිපයකට ඇය සහභාගි නොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

Gossip Lanka Hot News Previous News Archive