එක්සත් ජාතික පක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ ශ්‍රීලනිපයේ පිරිස් සමග සමගියෙන් වැඩකරන තමාට පුලුවන්නම්, දයාසිරිත් එක්ක වැඩ කරන්න, පුතාට බැරි වෙන්න කිසිදු හේතුවක් නැතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පුතා සමගියෙන් වැඩ කරන්න කැමැති බවද ඔහු කියා සිටියි.
'' වයඹ මහ ඇමැතිවරයා වන්නේ දයාසිරි. ඔබගේ පුත්‍ර ජොහාන් ප්‍රනාන්දු කැමැති ද ඔහු සමග වැඩ කරන්න.'' යයි ලක්බිම ‘Online’ කල විමසීමකදී ඇමතිවරයා එබව පවසා ඇත.
දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ඇඟිල්ල දිගු කරමින් තමන් කිසිම චෝදනාවක් සිදු කර නැති බව ද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පහත පළවන්නේ ඒ මහතා සමග කළ කෙටි සාකච්ඡාවකි.
ප්‍රශ්නය :- දයාසිරි ජයසේකර මහතාගේ ආධාරකරුවන් ඔබගේ පුතා ජොහාන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ට පහර දෙනවද?
පිළිතුරු :- මම කිසිම තැනක එහෙම කියල නැහැ.
ප්‍රශ්නය :- දයාසිරිගේ ගෝලයෝ නෙවෙයි නම් වෙන කවුද එහෙම කරන්නේ?
පිළිතුරු :- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14 ක් තිබෙනවා.ඉන්දික බණ්ඩාරනායක මහතා හැර අනික් බොහෝ දෙනා ඡන්දයෙන් පසු මගේ පුතාගේ ආධාරකරුවන්ට හිරිහැර කරනවා.
ප්‍රශ්නය -: මොනවද සිදුවෙලා තිබෙන්නේ?
පිළිතුර :- ඡන්දයෙන් පස්සේ අපේ ආධාරකරුවන් ගේ ඔලු පැලුවා, අත් කැඩුවා, කීප දෙනෙක් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රශ්නය :- දයාසිරි විශාල මනාප ප්‍රමාණයක් ගත්තා. ඒ ගැන හිතෙන්නේ මොවද?
පිළිතුර :- දයාසිරි කරපු කොන්ත්‍රාත්තුව සඳහා ලැබුණු ප්‍රතිලාභය තමයි ඒ මනාප ප්‍රමාණය.
ප්‍රශ්නය :- ඔබේ පිළිතුර රටේ ජනතාවට පැහැදිලි මදි?
පිළිතුර :- කුරුණෑගල දිස්ත්‍රිකයේ ඉන්දික බණ්ඩාරනායක මහතා හැර එජනිසං බොහෝ ආසන සංවිධායකවරුන් ප්‍රසිද්ධියේ කිව්වා මගේ පුතාට, ජොහාන් ප්‍රනාන්දුට ඡන්දය දෙන්න එපා. දයාසිරිට දෙන්න කියලා. අපට අවලාද නැගුවා. ඒ වගේම මටයි පුතාටයි මඩ ගැහුවා. අපි මිනිස්සුන්ට කන්න බොන්න දීලා මනාපෙ ඉල්ලනවා කියල. අපි සිංහල මිනිස්සු. ගෙවල්වලට එන මිනිසුන්ට කෑම,බීම දීම අපේ සිරිතක්. ඒවා ගැන වැරැදි මතයක් ජනතාවට ඇරියේ මුලින් කී පිරිස. ඒක කොන්ත්‍රාත්තුවක්. එහි ප්‍රතිලාභය විදිහට දයාසිරි ජයසේකරට විශාල මනාප ප්‍රමාණයක් ලැබුණා.
ප්‍රශ්නය :- ඔබ දයාසිරි සමග එතරම් හොඳ හිතක් නැති බවයි පෙනෙන්නේ.
පිළිතුර :- දයාසිරි සමග කිසිම අමනාපයක් නැහැ. එතුමාව එජනිසං ගන්නවට මමයි දිස්ත්‍රික්කයෙන් එක්වරම කැමැති වුණ ඇමැතිවරයා.