ඉගිල්ලෙන්න දැඟලූ අමීෂා රට අර්ජුන මෙරට

අර්ජුන කමලනාත් එක්ක ඉගිල්ලෙන්න දැඟලූ අමීෂා කාවින්දි රටෙනුත් ඉගිලිලා ගිහින්. "දැන් අර්ජුනයි අමීෂයි තරහවෙලාලු". "අර්ජුන අලුත් නිළියක් එක්ක යාළුවෙලාලු. ඒ නිසා අමීෂා අර්ජුනව දාල රට ගිහිල්ලලු..." යන එන තැන එකටම දකින්න ලැබුණ අර්ජුන අමීෂා යුවළ ප්‍රේමවන්තයො කියන කතාව හංගන්න දෙයක් නෑනේ... ඒත් ක්‍ෂේත්‍රයේ උදවිය කියන විදියට දැන් "පැණිවරකා ගහට හෙණ වැදිලාලු..." රට්ටු කියන කතා මොනවා වුණත් ඒ ගැන අර්ජුන කියන්නේ මෙහෙම කතාවක්.

"මේ කාලේ අපිට හරිම අපලයි... දෙන්නගේ ග්‍රහ චාරේ හොඳ නැති නිසා ටිකක් අෑත්වෙලා හිටියොත් හොඳයි කියලා ජේ‍යාතිෂවේදියො කිව්වා. මගේ චිත්‍රපටයට වෙච්ච අසාධාරණේ නිසාත් ක්‍ෂේත්‍රය ගැනයි, රඟපෑම ගැනයි අමීෂා කලකිරිලා හිටියේ. ඒ අතර තමයි අක්කත් එයාගේ පුංචි දරුවො දෙන්නයි අරගෙන කටාර් යන්න එයාට සිද්ධ වුණේ. මොකද අක්කගෙ මහත්තයා ඉන්නෙ එහෙනේ... අපල කාලේ ගෙවෙනකන් අමීෂා ගත්ත තීරණය හොඳයි කියලා මටත් හිතුණා..."

අර්ජුන කියන විදියට නම් මේක දෙන්නා කතා කරලා ගත්ත සාමූහික තීරණයක්.
"ආදරය කරද්දි කේන්දරේ බැලුවෙ නැතිවුණාට විවාහ වෙනකොට බලනවානේ..."

දෙන්නාගේ කේන්දරවල නොගැළපීම් ග්‍රහ දෝෂ අහුවෙලා තියෙන්නේ විවාහ වෙන්න කේන්දර බලනකොට. එහෙම නැතුව තමන්ගේ වෙන පටලැවිල්ලක් නිසා අමීෂා තරහා වුණේ නෑ කියලා අර්ජුන දිව්රලා කියනවා... හැබැයි අපල ගෙවිල අමීෂා ලංකාවට ආවත් අර්ජුනව කසාද බැන්දත් නොබැන්දත් ආයෙ රඟපාන්නෙ නම් නෑ කියනවාලු... මොකද ක්‍ෂේත්‍රයේ වෙන අසාධාරණකම් දැකලා නිළිකම දැන් අමීෂාට වහකදුරු වගේලු.

Gossip Lanka Hot News Previous News Archive