
සාමාන්‍යයෙන් සතියේ දිනක තබා සති අන්තයේවත් මෙවන් ජනතාවක් කතරගම පූජා භූමියට නොපැමිණෙන බව කතරගම දේවාලයේ ඉහළ බලධාරියෙක් පැවැසීය. මෙවන් විශාල ජනතාවක් කතරගමට ඇදී අවේ මංජුල පීරිස් මහතා පළකළ අනාවැකිය නිසා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.දරුවන් අතැතිව, පූජා වට්ටි ඔසවාගෙන කතරගම පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටින ආකාරයද දක්නට ලැබිණි.
මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් කතරගම මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකි බවට ලැබුණු පූර්ව ආරංචි මත කතරගමට පැමිණ පැය ගණනාවක් කිසිදු තැනකට යෑමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බැතිමතුන් කතරගම දෙවියන් දෘශමාන වනසේ බලා සිටින අයුරු දක්නට ලැබිණි.
එසේ පැමිණි බැතිමතුන් විශාල පිරිසකගෙන් මංජුල පීරිස් මහතාගේ අනාවැකිය පිළිබඳ විමසූ අතර ඔවුන් සියලු දෙනාම පැවැසුවේ කතරගම දෙවියන් දෘශමානව නොදුටු බවය. ඊයේ දවස පුරා අප කතරගම පූජා භූමියේ රැඳී සිටි අතර කතරගම දෙවියන් දෘශ්‍යමානව දුටු කිසිවෙක් සොයාගත නොහැකි විය.

දේවාල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ මේ විදියට මළුව පිරුණෙ. ප්‍රධාන වාහල්කඩ ෙදාරටු දෙකම හිර වුණා.
සාමාන්‍යයෙන් අපි හඳහනක් බලාගන්න යන්නෙ ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ළඟට. එයා කියන දේනෙ අපි පිළිගන්නෙ. අපි ඒ ගැන ඊට එහා දන්නෙ නෑනෙ.
මිනිසුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට දෙවියන්ගෙ පැත්තට හැරෙනවා වැඩියි. මේ ආපු ලක්‍ෂ පහකට වැඩි ජනතාවගෙන් හැමෝම ආවේ විශ්වාසයක් ඇතිව. ඔවුන් පේවෙලා ආවෙ. ඒ පේවීම වටිනවා.