ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට ඉතාමත් ආරක්ෂිත බව පැවසෙන අයි ෆෝන්, ඇන්ඩ්‍රොයිඞ් සහ බ්ලැක්බෙරි පද්ධතින් තුළටත් ඇතුළු වී දත්ත ලබාගත හැකි බව නව වාර්තාවකින් හෙළි වී තිබේ.
අභ්‍යන්තර චරපුරුෂ ලියකියවිලි විමසමින් ද ස්පීගල් පුවත්පත අනාවරණය කර ඇත්තේ ඇමරිකානු චරපුරුෂයන් සියලූම ප්‍රධාන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතීන් තුළට ඇතූල් වෙමින් සබඳකම් නාමාවලිය, කෙටි පණිවුඩ, සටහන් සහ භාවිතා කරන පුද්ගලයා රැඳී සිටි සහ සිටින ස්ථානයන් පිළිබඳව තොරතුරු රැස් කරන බවයි.
සැම මෙහෙයුම් පද්ධතියක්ම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ගොඩනගා ඇති අතර චරපුරුෂ කටයුතු සිදුකර ඇත්තේ එය මාර්ගයෙනි.
අයිෆෝන් පාරිභෝගික දත්ත අත්පත් කරගැනීමේ කිසිදු දුෂ්කරතාවයක් නොවූ බව වාර්තාව සනාථ කරන අතර ඇතැම් අවස්ථාවලදී දුරකථන මෙහෙයවන ප්‍රධාන පරිඝනකය වෙත ඇතුළු වී ස්ක්රිප්ට්ස් නම් ක්ෂුද්‍ර වැඩසටහනක් දියත් කරමින් තවත් අයිෆෝන් පහසුකම් 38ක පමණ තොරතුරු රැස් කර ඇති බව පැවසේ.
තම පණිවුඩ හුවමාරුව අතිශය ආරක්ෂිත බව පවසන කැනඩාවේ බ්ලැක්බෙරි සමාගමේ මෙහෙයුම් පද්ධතිය වෙතද ඇමරිකානු චරපුරුෂයන් ඇතුළු වී ඇති අතර සමාගම විසින් දත්ත සකසන ආකාරය වෙනස් කිරීමකට බඳුන් කළ 2009 වසරේදී පමණක් ඔවුන් වෙත යම් දුෂ්කරතාවයක් ඇති වී තිබේ.
නමුත් 2010 මාර්තු මසදී නැවත පද්ධතිය වෙත ඇතුල් වීමට චරපුරුෂයන් වෙත හැකිවීම ඔවුන් සමරා තිබේ. ද ස්පීගල් පුවත්පත පවසන්නේ මෙම ක්‍රියාකාරීත්වය මහා පරිමාණයේ තොරතුරු රැස්කරන ක්‍රමවේදයක් නොව ඉලක්ක කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීමේ ක්‍රමයක් බවයි. ඒ පිළිබඳව දුරකථන සමාගම් නොදන්නා බවද පුවත්පත පවසයි.