එජාප භාණ්‌ඩාගාරික සෙනරත් ඉල්ලා අස්වේ

එක්‌සත් ජාතික පක්‍ෂයේ භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇතැයි වාර්තාවේ. එජාප ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ මහ ලේකම්, සභාපති හා භාණ්ඩාගාරික පත්කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි. 

තමාගේ පෞද්ගලික රාජකාරි කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කල යුතු බැවින්, තමා වෙනුවට වෙනත් අයෙක් භාණ්ඩාගාරික ධුරයට පත්කර ගන්නැයි සෙනරත් කපුකොටුව මහතා, එජාප නායකයාගෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවකම ඉල්ලා ඇත. 

මේ අතර, 'දිවයින' පුවත්පත අද (04) වාර්තාකර ඇත්තේ, ඉහළ තනතුරු හොබවන ප්‍රධානීන් රැසක්‌ පක්‌ෂයේම සිටිමින්, ඔවුන් හෙබවූ තනතුරුවලින් පමණක්‌ ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවයි.

 එසේ, ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත්තේ, ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සැලසීමට බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ. 

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය මෙහෙයවීම සඳහා පත් කිරීමට යෝජිත උපදේශක මණ්‌ඩලයට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කර නැත. 

උපදේශක මණ්‌ඩලයේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්‌වාධීනව සිදුකිරීමට ඉඩ සලසා දීම මෙහි අරමුණ බව එ.ජා.ප. ආරංචිමාර්ග පවසයි. පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යනු ලබන සියලු තීන්දු තීරණ කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්‌ඩලය මගින් ගැනීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive