එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය බිඳිය හැකි එකම ක්‍රමය ඔහු වෙනුවට කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත අවධාරණය කර සිටියි.
''රනිල් එළවන්න මෙන්න ගැටේ '' යන ශීර්ෂයෙන් යුතුව එම පුවත්පතේ අද පලවී ඇති වාර්තාවක එබව සඳහන්වේ. එම විශේෂ වාර්තාවේ මෙසේද සඳහන්වේ.
'' පෙළපාළි යෑමෙන්, විරෝධතා පැවැත්වීමෙන් පක්ෂ නායකත්වයෙන් රනිල් එළැවීමට බැරි බව දැන් පැහැදිලිය.
මන්ද ගෙදර සිටින ගෙම්බා කොයි ලෝකයට ගොස් දැම්මත් ඌ ගෙදරටම එන බැවිනි. රනිල්ගේ මේ උත්සාහය රුවන් විජේවර්ධනට පක්ෂ නායකත්වය දීමට තව කලක් ඔහු පුහුණු කළ යුතු නිසාය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය යනු විශාල බලතල සහිත තනතුරකි.
අගමැතිගේ වැටුපට සමාන වැටුපක්, සේවක පිරිසක්, යාන වාහන, බලතල යන මේ සියල්ල ඔහුට තිබේ. දැන් රනිල් ලොක්කා වගේ පපුව පුම්බාගෙන ගෙම්බර් පාට් දමන්නේ මේ ආණ්ඩුවෙන් ලැබෙන බලතල නිසාය. මේවා නැතිවී ගිය විට ඔහුගේ හුළං බහී.
දැනට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනෙක් එ.ජා.ප.යෙන් පැමිණි අයයි. ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය පරණ යූ.ඇන්.පී.කාරයෝය.
රනිල් විරෝධී එ.ජා. පාක්ෂිකයන් කළ යුත්තේ මේ අය හමුවී රනිල් වෙනුවට විපක්ෂ නායකකමට සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය පත්කරන ලෙසට ඉල්ලීමක් කිරීමය.
එයට ජනාධිපතිවරයාගේද සහයෝගය ලැබෙන බවට සැක නැත.
මේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ විට නිකම්ම රනිල්ගේ බල බිඳී යයි.
එවිට ඔහුට කලින් මෙන් රජ පාට් දැමීමට ඉඩ නොලැබෙන්නේය. වැඩි දවසක් ගත වන්නට පෙර වික්‍රමබාහු කරුණාරත්න, සරත් ෆොන්සේකා, සරත් මනමේන්ද්‍ර වැනි පක්ෂ නායකයන්ගේ තත්ත්වයට රනිල් පත්වන්නේය.
බලතල නැති යූ. ඇන්. පී. නායකත්වය මොන බම්බුවකටදැයි කියා රනිල් වික්‍රමසිංහ එවිට පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඒකාන්තය. අනතුරුව පක්ෂය හදාගෙන රටේ බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට අලුතෙන් පත්වන විපක්ෂ නායකවරයාට හැකිවනු ඇත. සෙසු අයට ඉඩ සැලසෙනු ඇත.''