සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ ඔක්තෝබර් කලාපය එළි දකී

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ 2013 ඔක්තෝබර් කලාපය නිකුත් විය. මෙය විහග ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ සාමදාන විනිශ්චයකාරවරුන් සදහා නිකුත් කෙරෙන, ඔව්න් ගේ නිල විෂය ක්ෂේත්‍රයට අදාළ ලිපිවලින් සාමවිනිසුරු මාසික සාර සංග්‍රහය සංගෘහිත ය.

මෙම සාර සංග්‍රහය දීප ව්‍යාප්ත, එහි පාඨක සාමාජිකයින් වෙත තැපැල් මගින් යැවේ. මේ වූ කලි සමාජ සුබසාධන කාර්යයකි. සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ කර්තෘ, ප්‍රවීණ ලේඛක ජයන්ත කුමාරසිරි මහතා ය. මෙම සාර සංග්‍රහයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ සාමදාන විනිශ්චයකාරවරුන්ට පමණි.

කිසිදු වෙළද දැන්වීමකින් තොර ව හුදෙක් සාමවිනිසුරුවරුන් ගේ නිල විෂය ප්‍රවීණත්වය උදෙසා ම වූ, ශ්‍රී ලංකාවේ සාමවිනිසුරුවරුන් සදහා නිකුත් කෙරෙන එක ම පත්‍රය, ඔබ නිල විෂය දැනුමෙන් හා සමාන්තර දැනුමෙන් පෝෂණය කරමින් දැයට බුද්ධිමත් සාමවිනිසුරුවරුන් දායාද කිරීම උදෙසා කැප වූ, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාමවිනිසුරුවරුන් ගේ පෙරගමන්කරුවෙකි.


2013 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා නිකුත් වූ කලාප දහය ද සමග 2013 වසරේ සියලු කලාප ලබාගැනීමට කැමති සාමදාන විනිශ්චයකාරවරුන්, පහත සදහන් අයැදුම්පත සම්පූර්ණකර විද්‍යුත් තැපෑලෙන් (e-mail) ඒ සදහා අයැදුම් කළ හැකි ය. සාමවිනිසුරු පත්වීමක් ලබාසිටින නමුත්, රැකියාවකට හෝ වෙනත් හේතුවක් මත දැනට විදේශගත ව සිටින අයට ද ඒ සදහා අයැදුම් කිරීමට පිළිවන. (දිව්රුම් කොමසාරිස්වරු සහ සාමවිනිසුරු පදවි හොබවන නීතීඥවරු මේ සදහා අයැදුම් නො කළ යුතු බව කරුණාවෙන් සලකන්න)

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයට දායකකර ගන්නා ලෙස ඉල්ලීම

01. සාමවිනිසුරුවරයා ගේ නම :-
02. ස්ත්‍රී/පුරුෂ භාවය :-
03. වර්තමාන තැපැල් ලිපිනය :-
04. සාමවිනිසුරුවරයෙකු ලෙස ලියාපදිංචි අංකය :-
(ඔබ ගේ නිල මුද්‍රාවේ සදහන් කළ යුතු අංකය)

ඉහත සදහන් අයැදුම්පත සම්පූර්ණකර සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ කතුවරයා ගේ පහත සදහන් විද්‍යුත් තැපැල් (e-mail) ලිපිනයට යවන්න.

e-mail ; jayanthakumarasirie@gmail.com

Gossip Lanka Hot News Previous News Archive