ඉදිරියේදී සුවිශේෂ දේශපාලන පෙරළියක් සිසුවන බවත්, චන්ද්‍රිකා ෆොන්සේකා එක්වුණොත් ජය නියත බවත්, එ.ජා.ප.ය තවදුරටත් අර්බුදයට යන බවත්, සජිත්ට බලතල නොලැබෙන බවත් 'ලක්බිම' පුවත්පත අනාවරණයකර සිටියි.
ජ්‍යොතිෂ පර්යේෂක කේ.එම්. සරත් මහින්ද මහතා විසින් සපයා ඇති ලිපියක එබැව දැක්වේ.
එම ලිපිය පහත පළවේ.
'' ඇතැම් ජ්‍යෙතිෂවේදීන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වන බව පවසමින් ප්‍රධාන පුවත් පත්වලට ලිපි සපයා තිබුණි. එය රැල්ලට කළ ප්‍රකාශ පමණක්ම විය. ඒවා ග්‍රහ ගෝචර ගමනද ජන්ම පත්‍ර අනුවද කරන ලද ප්‍රකාශ නොවේ.
සත්‍ය වශයෙන්ම නිවැරදි වූ උපන් වේලාවන් ලේඛකයා නොදන්නා නිසා සජිත් මහතාගේ නමාංශකය නොතැබුවෙමි.
ඉහත ජන්ම පත්‍ර හා රනිල් මහතාගේ ජන්ම පත්‍රය අනුව වඩා බලවත් වන්නේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ජන්ම පත්රයයි.
මීට සරල උදාහරණ වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා කාලයක් එජාප යේ සිට ජනාධිපති බවට පත් විය.
ඩඩ්ලි සේනානායක මහතා මහජන ඉල්ලීමට ගරු කරමින් නායකත්වයෙන් ඉවත් විය. රනිල් මහතා උගත යුතු පාඩමද නූගත් පාඩමද එජාපයේ වර්තමාන ලේකම් නුගත් පාඩමද වශයෙන් මොවුන් මතු දිනක නන්නත්තාර වනවා පමණක් නොව “ජන අප්‍රිය” පුද්ගලයන් බවටද ඉතිහාස ගත වනු නියතය.
රවි කරුණානායක හා හිටපු සභාපති ඇතුළු බොහෝ දෙනා ඇඟ බේරා ගත්තෝය. ඩඩ්ලි සේනානායක මහතා මහජනතාවගේ ඉල්ලීම පිට නැවත නායකත්වය ගත්තේය. සියලුම ජනතා හදවත්වල තවත් අවුරුදු ගණනාවකට බත් දුන් පියා වශයෙන් හදවත් තුළ ඔහු තැන්පත් වී තිබුණි.
චන්ද්‍රිකා මැතිනිය පිළිබඳ සලකා බලන විට ජේ.ආර්. ජයවර්ධන මහතාද, ඩඩ්ලි සේනානායක මහතාද ගත කළ තරම් කාලයක නොසිට ඉක්මනින් ජනාධිපති වූවාය.
මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපති වීමට කාලයක් ගත විය. සජිත් ප්‍රේමදාස මහතා ලංකාවේ සිටින ජනප්‍රියම පුද්ගලයාය. අද නායකත්වය සම්පූර්ණයෙන් දී රනිල් මහතා විශ්‍රාම ගන්නේ නම් හෙට ජනපතිවරණය තිබ්බත් එජාපය දිනනු ඇත.
මෙතැනදී නායකත්වය ළඟම සිටින වටා සිටින වුන් ගණන්කාර වන නිසාමද ජනපති වීමේ මානසික රෝගී තත්ත්වය නිසාද නායකත්වය ගත් සියලු පක්ෂ නායකයෝ නායකත්වය අතහැරීමට සූදානම් නොවෙති.
නායකත්වය එලෙච්චිය නම් නායකත්වය නමැති බුරුල්ල වැටෙන තෙක් මුළු මහත් ජනතාව නැමැති නරි එලිච්චිය පසුපස යති.
“ඉවසුවා ඇති” සටන මෙහෙය වූ මැර ප්‍රහාර වලට ලක්ව බන්ධන වී සිටින සියලු දෙනාට ජනතා හදවතින් නැගෙන මල් මිටි මිටි ගානේ පුද ලැබෙනවා පමණක් නොව විෂ්ණු දේව ආශිර්වාදයද නොඅඩුව ලැබෙන බව මෙනෙහි කළ යුතුය.
සරත් ෆොන්සේකා මහතා වර්ෂ ගාණක් බලා නොසිට හිරෙන් නිදහස්ව දින 50කටත් අඩු කාලයකදී ජනපතිවරයාට ඉදිරිපත් විය.
ආරූඪ පද තුළින් තුලනාත්මකව බැලීමේ දී අති ගෞරවණීය වන්දනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය පමණක් නොව තථාගතයන් වහන්සේ නැවත ඉපදී සාකච්ඡා කළත් කොන්දේසි ලියවිලි දුන්නත් එහෙයි, හාමුදුරුවනේ කියමින් පැයක් වැනි සුළු කාලයක් ඇතුළත කොන්දේසි වෙනස් කරමින් තමාට සිතැඟි පරිසරයක් ගොඩනැගීමට එජාප නායකත්වය පසුබට නොවෙනු ඇත.
මේ පසුබිම යටතේ සජිත් මහතා ඇතුළු ජනතාවට සැබෑ ආදරය දක්වන නායකයන් සමග ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පූර්ණ ආශිර්වාදය සමග විකල්ප පක්ෂයක් තුළින් මහ මැතිවරණය හා ජනාධිපති වරණය මෙහෙය වීමට සජිත් මහතාට සෙනසුරු හා රාහු විසින් සම්පත් දායකත්වය ලබා දෙන බව ඉතා පැහැදිලි වේ.
බුද්ධි අංශ සහ රජය විසින් හෙළි නොකරනු ලැබුවත් පොදු පෙරමුණ කණ්ඩායමක් සමග හා විකල්ප පක්ෂ සමග රහසිගත සාකච්ඡා පවත්වා පොදු අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනපතිවරණයට ඉදිරිපත් වීමේ ප්‍රවණතාවය ඇයගේ උපන් ග්‍රහචාරයත් දැනට පවතින ග්‍රහචාරයත් අනුව පෙනේ.
මෙතැනදී බලය තිබෙන විට මොළේ නැහැ. මොළේ තිබෙන විට බලේ නැහැ න්‍යාය තුළින් තම අතින් සිදු වූ වැරදි ගැන චන්ද්‍රිකා මැතිනිය මුළු හදින් දුක්වනු ඇත.
එම වැරැද්ද විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුවයි.
ෆොන්සේකා මහතාගේ ජන්ම පත්‍රයේ ආරූඪ ලග්නයේ ගුරු සිටින නිසා ෆොන්සේකා මහතාත්, චන්ද්‍රිකා මැතිනියත් අනෙකුත් දේශපාලන කණ්ඩායම් එකතු වී විධායක ජනපති ක්‍රමය පමණක් නොව කෝටි ගණන් ධනස් කන්දයත් නිරපරාදේ වියදම් වන පළාත් සභා අහෝසි කරවීමටද තුලා රාශියේ ගමන් කරන ශනි හා රාහු බලපෑම් කරනු ඇතැයි පැහැදිලිවම පෙනේ.
ලංකා කේන්ද්‍රය කුම්භ නම් එහි අධිපතිත්වය සෙනසුරුට පමණක් යැයි පැරණි පොත පතේ තිබුණත් එම තැටිය ප්‍රවීණ අය වාදනය කළත්, කුම්භ රාශියේ සම අධිපතිත්තවය රාහු ග්‍රහයාටද තිබෙන බව අමතක නොකළ යුතුමය. එසේ නම් කුම්භ රාශියෙන් නව වැන්නේ ගමන් කරන ශනි රාහු විසින් විශේෂයෙන්ම විදේශීය රාජ්‍ය සහයෝගයද අන්‍ය ආගමික නායකයන්ගේ සහයෝගයද නායක ස්වාමීන් වහන්සේලාගේ සහයෝගයද විකල්ප පක්ෂ තුළින් පොදු අපේක්ෂකයාට ලැබෙනු ඇත.
එජාපයේ නායක කාරකාදීන්ට තම වැරැද්ද වැටහෙන්නේ එතනදීය.
චන්ද්‍රිකා මැතිනියටත් සජිත් ප්‍රේමදාස මහතාටත් හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක් තිබෙන නිසා කල්පනාකාරී විය යුතු බවද පැවැසිය යුතුමය.
ඉදිරිපත් කරන ලද ජන්ම පත්‍ර අතරින් ජනාධිපති තනතුර සඳහා බලය වැඩිම ජන්ම පත්‍රය හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජන්ම පත්රයයි.
දෙවනුව බලය වැඩිම ජන්ම පත්‍රය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්රයයි. තෙවනුව බලය වැඩිම ජන්ම පත්‍රය සරත් ෆොන්සේකා මහතාගේ ජන්ම පත්රයයි.
මේ අනුව චන්ද්‍රිකා මැතිනියත් සරත් ෆොන්සේකා මහතාත් සුළු පක්ෂත් එකතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇත.
නායකත්ව මානසිකත්වය නිසා සජිත් මහතාට අවස්ථාවක් නොලැබෙන අතර එජාපය නායකත්ව මණ්ඩල පිහිටුවා ගත්තත් ජනතාව රැවටිය නොහැකි නිසා ජනාධිපතිවරණයෙන් පමණක් නොව මහ මැතිවරණයෙන්ද, පළාත් සභාවලින් ද එජා පක්ෂය පරාජය වන බවත් පවතින ග්‍රහචාරය අනුව පෙනේ. ශනි, රාහු තුලා රාශියෙන් සමු ගැනීමට පෙර ඔබත් ලේඛකයාත් මුළු මහත් ලෝකයත් නොසිතන දේශපාලන වෙනස්කම් සිදුවන බව පැහැදිලිවම ප්‍රකාශ කරමි.
පළාත් සභා සම්පූර්ණයෙන් අහෝසි කරන බවටත් ඇමැතිවරු 30 කට අඩු සංඛ්‍යාවකට සීමා කරන බවටත් මහා නායක හිමිවරුන් ඉදිරියේ දිවුරා පමණක් නොව ලිඛිතවද පොරොන්දු දී ජනපතිවරණයට චන්ද්‍රිකා මැතිනිය ඉදිරිපත් වන බව පවතින ග්රහමාරු අනුව පෙනේ.
ඇය ජය ගැනීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතාට අගමැති තනතුර හිමි වෙනු ඇත.
මේ අනුව සෝභිත හිමියන් සිංහල ජාතිය වෙනුවෙන්ද රටේ පවතින නාස්තිය , දූෂණය මැඩ පැවැත්වීමට ගන්නා උත්සාහය සෙනසුරු , රාහු, තුලා රාශියෙන් නික්මීමට පෙර සඵල වන බවද පෙනේ.
මේ අනුව ජනාධිපතිවරයා මහ මැතිවරණය හා ජනාධිපතිවරණය ලබන වර්ෂයේ මැද භාගයට හෝ අවසානයට කල් දමන්නේ නම් එයද ඉහත විග්රහ කිරීම් අනුව බුද්ධි ගෝචර නොවන බව පැවැසිය යුතුය.
ඉතිරි පළාත් සභා පසුවට තබා මහමැතිවරණයන් ජනාධිපතිවරණයත් තැබිම මීට කළ යුතු පිළියම වශයෙන් මම දකිමි.
(ලක්බිම- ජ්‍යොතිෂ පර්යේෂක කේ.එම්. සරත් මහින්ද)