නවදිල්ලියේ ෆිරෝෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදී (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල පරදවා ලකුණු 33 ක පහසු ජයක් ලබාගත් මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ 2013 වසරේ ශූරයන්ගේ කුසලාන දිනාගත්හ.
චැම්පියන්ස් ලිග් කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන දෙක හමාරක් හෙවත් ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 32 කට වැඩි මුදලක සල්ලි මල්ලක්ද මුම්බායි ඉන්දියන්ස් පිලට හිමිවිය.අවසන් තරගයේදී පරාජය වූ රාජස්තාන් රෝයල්ස් පිලට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් හෙවත් ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණ.
ඕවර 20 කදී ලකුණු 203 ක අසීරු ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් ඉනිම ලකුණු 169 කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ. රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා පිතිකරු කුසල් ජනිත් පන්දු 4 කදී ලකුණු 8 ක් ලබාගත් නමුත් ඉතාමත් අපරික්ෂාකාරී ලෙසින්, නොතිබූ ලකුණක් සොයා දිවයාමේදී දැවී ගියේය.
කුසල් නිකරුණේ තම කඩුල්ල පූජා කළද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 109 ක් එක් කිරීමට සමත් වූ ආජින්ක්යා රහනේ (65) සහ සංජු සැම්සන් (60) තම කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවූහ.
එහෙත් ප්රාග්යන් ඕජා විසින් සංජු සැම්සන් දවාගැනීමෙන් පසුව කඩුලූ 7 ක් බෙදාගත් හර්බජාන් සිං (32/4) සහ කිරන් පොලාර්ඞ් (31/3) මුම්බායි පිල ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගියහ.
මුම්බායි නායක රෝහිත් ෂර්මා (33) සහ ග්ලෙන් මැක්ස්වෙල්ගේ (37) ඇදහිය නොහැකි පහර හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 202 ක් ලබා ගත්තේය. පළමු ඕවර 10 අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 60 ක් පමණක් ලබා සිටි මුම්බායි පිල වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී පිතිහරඹයකට අවතීර්ණ වූ රෝහිත් ෂර්මා පන්දු 14 කට මුහුණ දෙමින් ලකුණු 33 ක් ලබාගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් ඊට ඇතුළත් කරමිනි.
ෂර්මා නැවතූ තැනින් පටන්ගත් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 14 කින් දෙකක් නරඹන්නන් අතරටත් තවත් 4 ක් හතරේ සීමාවෙන් එපිටටත් යවමින් ලකුණු 37 ක් ලබාගත්තේ මුම්බායි කණ්ඩායම ලකුණු 200 පෙනෙන තෙක් මානයට ගෙන එමිනි.
පළමු ඕවර 5 දී ලකුණු 40 ක් ලබාගත් මුම්බායි පිතිකරුවන්ට ඊළග ඕවර 5 දී ලබාගත හැකිවූයේ ලකුණු 20 ක් පමණි.
සිය අවසන් වි:20 තරගයට කී‍්‍රඩා කරන සචින් තෙන්ඩුල්කාර් ෂේන් වොට්සන්ගේ පන්දු දෙකක් පිට පිටම හතරේ සීමාවට යවමින් පන්දු 12 කදී ලකුණු 15 ක් ලබාගැනීමට සමත් වූ නමුත් ඊළග පන්දුවේදි දැවී ගියේය.
කෙසේ වෙතත් මුම්බායි කී‍්‍රඩකයන් බලාපොරොත්තුව සිටි ප්‍රවේගය ඞ්වේන් ස්මිත්ගෙන් ලැබිණ.
පන්දු 39 කදී ලකුණු 44 ක් ලබාගත් ස්මිත්ගේ ඉනිම අවසන් වූයේ ප්‍රවීන් තම්බේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. මෙම කී‍්‍රඩාංගණයේ සිටින වයස්ගතම කී‍්‍රඩකයා වන 43 හැවිරිදි ප්‍රවීන් තම්බේ අද දිනයේ සර්ථක වූ එකම රාස්තාන් පන්දු යවන්නා විය.
අවසන් මහ තරගයට හදිසියේ කැඳවීමක් ලද කුසල් ජනිත් පෙරේරා, රාජස්තාන් පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව හිමිකරගත්තේය. රාජස්තාන් රෝයල්ස් පිලේ බ‍්‍රැඞ් හොජ් තුවාල ලැබීම නිසා කුසල් ජනිත් පෙරේරාට මෙම අවස්ථාව හිමිවිය. අවසන් මහ තරගයේ විනිසුරුවරු ලෙස ශී‍්‍ර ලාංකික ටෙස්ට් විනිසුරු කුමාර් ධර්මසේන සහ ඕස්ටේ්රලියානු ජාතික රොඞ් ටකර් යන මහත්වරු කටයුතු කළහ.