තමන් හෙළ රජ දවස වේළුසුමන යෝධයා යයි මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
පොළොන්නරව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රජ දවසේ දස මහ යෝධයින් රාජ්‍ය ආරක්ෂා කළ ආකාරයට තමා ද සිය වගකීම ඉටු කරන බවත් කුමන බාධක පැමිණියද බෙලිඅත්තෙන් ආ තමන් රාජපක්ෂ පවුල හා මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන බවත්ය.
“මම කවුද? මම නන්දිමිත්‍රත් නෙවෙයි මම වේළුසුමන. විහාර මහාදේවියට දොළ දුකක් ඇති වුණා එළාරගේ මහ සෙන්පතියාගේ ලේ තැවරිච්චි කඩුව ගෙනල්ලා ඒක දලා වතුර ටිකක් බොන්න.
වේළුසුමන ගිහිල්ලා, එළාරගේ හමුදාවට බැඳිලා, සෙන්පතියාගේ බෙල්ල කපාගෙන කඩුව ගෙනල්ලා සෝදලා වතුර දුන්නා. ඒ වතුර බීලා තමයි දුටුගැමුණු බිහිවුණේ.
ඒ වගේම තමයි අපේ ජනාධිපතිතුමා මට කියන ඕනම දෙයක්, එතුමා රකින්න, එතුමාගේ ඉදිරි ගමන සාර්ථක කරන්න, මේ බෙලිඅත්තෙන් ආපු මම මර්වින් සිල්වා. එතුමාත් රාජපක්ෂ පවුලත්, මේ ආණ්ඩුවත්, මගේ පන්තියේ ජනතාවත් මම රකින්න ප්‍රතිඥා දෙනවා.
මෙන්න මේ රජරට පුරවරයේදී. එක්තරා පත්තරයක් තියනවා. ඒ පත්තරය මට ඇලජික්. ඔවුන්ට මං ඇලජික්. මොනවා හරි දානවා. ඒ අයට කියන්නේ මා ඇකිලී ගිය වම්බටු ගෙඩියක් නොවන බවයි. මා වම්බටු කරලකුත් නෙමේ. මා පතෝල කරලකුත් නොමේ.
කපන්න, කපන්න සුවද ගහන වෘක්ෂයක් ලෙසයි මම මා ගැන හිතන්නේ. මම වැරදි කරලත් නෑ, කරන්නෙත් නෑ. වැදගත් මාධ්‍යත් මේ රටේ තියනවා” යයිද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.