දෙරණ ජනප්‍රියම නිළිය වූ ඉන්දීය නිළි පූජා උමා ශංකර්ට ලංකාවේ නිළියන්ගෙන් විරෝධයක් ඇතැයි වාර්තා වේ.
මෙරට ප්‍රධානපෙලේ නිළියන් කිහිපයක්ම මේ බව ප්‍රසිද්ධියේ පවසා ඇතැයි ද වාර්තා වේ.
සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේක් විසින් "ඔබ සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර පුංචි විරෝධයක් තිබෙනව කියන කතාව ඇත්ත ද?" යැයි කළ විමසීමකදී ඇය මෙසේ පවසා තිබිනි.
"ඔය ගැන මටත් ආරංචි වෙලා තියෙනව.
හැබැයි ඒ ගැන මම එතරම් හිතන්නෙ නෑ. මා ගැන විරෝධයක් තිබෙනවානම් ඒක තේරුමක් නැති විරෝධයක්. මම අවුරුද්දකට රඟපාන්නෙ චිත්‍රපටයක හෝ දෙකක පමණයි.
අනවශ්‍ය ලෙස මම වැඩ බදාගන්නෙ නෑ. මම සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වුණේ මගෙ සීයගෙ ඉල්ලීමට. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්තා. එයාගෙ ආශාව නිසයි මම සිංහල චිත්‍රපටයක රඟපෑවේ.
මට විරෝධයක් දැක්වීමෙන් ලංකාවේ ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට ඇතිවෙන ලාභයක් ප්‍රයෝජනයක් නෑ." එම සම්මුඛ සාකච්ඡාවේදී තමා සිංහල ටෙලියක රගපෑමටද මනාප බව පූජා හෙළිකර තිබිනි. එසේම තමාට දැන් සිංහල හොදින් කතා කළ හැකි බවද පවසා ඇති ඈය, එසේ වුවත් සිංහල ගලාගෙන අයුරින් කතා කළ නොහැකි බවද පවසා ඇත.
එම තත්ත්වය නිසා තමා සිංහල ටෙලියක රගපෑමට මැලි බවද ඇය කියා තිබේ.