සුදු කැස්බෑවා උස්සපු සිද්ධියට අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කරනවා - Police to question Amal Perera

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් සුදු කැස්බෑවකු සොරාගැනීමේ සිද්ධියට අදාළව ප්‍රසිද්ධ ගායකයකු වන අමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය තීරණය කොට තිබේ. දැනට මාස 3කට පෙර මාලදිවයින ජාතිකයකු සමඟ එහි පැමිණ ඇති මේ ගායකයා මාලදිවයින ජාතිකයාගේ භාෂාව පරිවර්තනය කරමින් එම සුදු කැස්බෑවා රුපියල් කෝටි 3 1/2කට මිලකර ඉල්ලා ඇති බවට කොස්ගොඩ කැස්බෑවන් සංරක්ෂණ ආයතනයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා පොලිසියට පවසා ඇති බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. එම මධ්‍යස්ථානයේ පසුගිය ඉරිදා රාත්‍රි සේවය කළ මුරකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුගෙන් පමණ දැනටමත් ප්‍රශ්න කොට ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

එහි හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘෘ මහතා සඳහන් කෙළේ පසුගිය සුනාමි ව්‍යසනයෙන් පසුව මේ ස්ථානයෙන් බිහිකළ පළමු සුදු කැස්බෑවා වන බවයි.

රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි තවත් අයකු ඔහුගේ 'බොස්ට' අපලයක් තිබෙන බවත් මේ 'සුදු කැස්බෑවාට මතුරා මුහුදට දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් ලක්ෂ 50කට ඉල්ලුම් කළ බවද ඔහු පොලිසියට පවසා ඇත.

මේ කැස්බෑ සංරක්ෂණ ස්ථානය වටා අඩි 06ක් උසට දැල් ගසා ඇති බවත් උෟ සොරාගැනීමට පැමිණි කිසියම් අයකු එයට ඇතුළු වුණ ආකාරය ප්‍රශ්නයක් බවත් ආපසු පැමිණ ඇත්තේ දැල් ආවරණය නවා දමා බවට හෙළි වී ඇති බවද ආබෘෘ මහතා පැවැසීය.

සුදු කැස්බෑවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් පිළිබඳ විස්තර එය හිමිකරු විසින් පොලිසියට ලබාදී ඇත.

කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Police have decided to question popular local artiste Amal Perera over the theft of a rare female albino turtle, which was stolen from the Kosgoda Turtle Conservation Centre.

The police reached this decision after it was revealed that Perera, accompanied by a Maldivian National, was interested in purchasing the turtle for Rs. 35 million. He was acting as a translator for his Maldivian friend, a senior police official involved in the investigations said.

Police Media Spokesperson SSP Ajith Rohana said that the law enforcement officials will be obtaining a statement from Amal Perera soon. Two police teams have been deployed for the investigations, and the night security guard and five other people have already been questioned with regard to the theft.

Conservation Centre owner Chandrasiri Abrew had also informed the police that another individual from Rathnapura had sought to purchase the turtle for Rs. five million.

He also claimed that the thieves who had entered the premises had folded over the six-foot high protective wire-netting which was used to enclose the turtle.

The Kosgoda Police are following all leads by launching investigations into all people who were interested in purchasing the stolen turtle.

All attempts to contact Amal Perera were futile as, despite numerous phone calls to his mobile, he did not pick up.

Gossip Lanka Hot News Previous News Archive