මම ඡන්දෙ ඉල්ලන්නේ තරුණයින්ට ලොකූ කර්තව්‍යයක් කරන්න - Popular actress Nadeesha Hemamalee

ගීතාලා අනර්කලීලා මට අභියෝග නෙමේ - නදීශා හේමමාලි
Video

ඊයේ එජාපයට බැඳී එළැඹෙන දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන්නට සැරසෙන ටෙලි නිළි නදීශා හේමමාලි අද මාධ්‍ය හමුවක් පවත්වා ඇගේ ඉදිරි දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා එහිදී ඇය කියා සිටියේ තමා තරුණයින් වෙනුවෙන් ලොකූ කර්තව්‍යයක් ඉටුකරන්නට ඡන්දයට ආ බවකි. එජාපය තම පවුලේ අයගේ පක්ෂය නිසා එය තෝරාගත් බවත් ගීතාලා අනර්කලීලා තමන්ට අභියෝග නොවන බවත් එහිදී ඇය කියා සිටියා.

ඒ මෙසේය.
ලොකූ කර්තව්‍යයක් අනාගතය වෙනුවෙන් ඉෂ්ට කරන්න මම සැදී පැහැදී සිටිනවා. ශ්‍රී ලාංකීය තරුණ පරපුර වෙනුවෙන් තමයි මම එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඒ හොඳ චේතනාව තවත් ඉදිරියට ගෙනයන්නට මෙය අවස්ථාවක් කරගත්තෙ. ඉතින් ඉදිරියේදී දකුණු පළාත් සභාවට තරග වදින්නට අපේක්ෂාවෙන් තමයි ඉන්නේ.


ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වෙන්න බැරිවුණ නිසාද එජාපයෙන් ඉදිරිපත් වුනේ?
එහෙම එකක් නෙමේ. මගේ පවුල් පසුබිම තෝරාගෙන තමා එක්සත් ජාතික පත්ෂය තෝරාගත්තේ.

ඔබ දිනුවට පස්සේ ආන්ඩුවට පනිනවද?
ඒ චෝදනාව මට අදාළ නෑ.තාම මම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා විතරයි.ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් මම. මම යම්කිසි දෙයක් කරද්දිත් එහෙමයි. මම කරන දේ හරියට කරනවා.

දකුණෙන් ඡන්දෙ ඉල්ලන්න යන ගීතා අනර්කලී ඔබට අභියෝගයක්ද?
මට කවුරුවත් අභියෝගයක් නෙමෙයි. මොකද මගේ ප්‍රතිපත්ති තියනවා.මට අභියෝගය තියෙන්නෙ මගේ ජනතාවත් එක්ක මට ආදරය කරන පිරිස මාව පිළිගත්තොත් තමයි වටින්නේ ඒ නිසා අනෙක් අයට අභියෝගයක් දෙන්න මට අවශ්‍ය නෑ.


එම කතාවේ වීඩියෝව පහතින්

Geetha, Aanarkalee no challenge: Nadeesha
Popular actress Nadeesha Hemamalee, who is set to contest the upcoming elections to the Southern Provincial Council on the UNP ticket, said today the two popular actresses Geetha Kumarasinghe and Anarkali Aakarsha, who represent the UPFA in the SPC would not be a challenge to her.

“I will not consider them as a challenge. It is the people who are a challenge to me. To me what is important or what matters is for people to accept me,” she said.

When asked for her views on land and police powers as laid down in the 13th Amendment to the Constitution, she said during her first election campaign she would not only answer that question but would also give good reasons for bringing back the 17th Amendment.

In response to a question by a journalist, Ms. Hemamalee said she would not consider the leadership struggle in the UNP as a big issue but that she believed in respecting the leaders as a matter of policy and said she would expect the support of both UNP leader Ranil Wickremesinghe and front-liner Sajith Premadasa for her election campaign.(Ajith Siriwardana)

Gossip Lanka Hot News Previous News Archive