Pages

වසර 60 ක් නාපු නැති ලොව අපිරිසිදුම මිනිසා - 60 years without a bath

වසර 60කින් ස්නානය නොකළ 80 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වෙනවා. හාජි නම් මෙම පුද්ගලයා විශ්වාස කරන්නේ පිරිසිදුකම ලෙඩ රෝග සෑදීමට බලපාන බවයි. ස්නානය මෙන්ම පිරිසිදු ජලයද කිසිසේත්ම ප්‍රිය නොකරන ඔහු මෙලෙස අපිරිසිදුව ජීවත්වීම නිසා මේ වනවිට ඔහුගේ සිරුරේ පැහැය තද දුඹුරු පැහැයක් ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස වැළකී සිටින්නේ ස්නානයෙන් පමණක්ම නොවේ, අලුත් ආහාර සහ පිරිසිදු පානීය ජලයද ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ ප්‍රියතම ආහාරය වන්නේ නරක් වූ ඉත්තෑ මස් වන අතර දිනකට ජලය ලීටර 5ක් පානය කරන ඔහු එයද ලබාගන්නේද විශාල මළ බැඳුනු තෙල් කෑන් එකකිනි.

ඔහු සිය දුම් පයිප්පය දුම්කොළ වෙනුවට සත්ව වසුරු වලින් පුරවා ගනියි. කොණ්ඩය කපා දමනවා වෙනුවට ඔහු කරනුයේ එය ඇවිලෙන ගින්නකට ඇල්ලීමයි. ඔහුට ජීවත් වීමට නිවසක් නොමැති අතර ඒ වෙනුවට ඔහු භාවිතා කරන්නේ මිනීවලක් වැනි පොළව යට තැනූ ගුහාවකි.


මෙලෙස අමුතුම ආකාරයේ ජීවන රටාවකට හුරුවී ඇති හජි මෙවැනි තීරණ ගැනීමට පෙළඹී ඇත්තේ තරුණ වියේදී ඔහු මුහුණ පෑ හැඟීම්බර සිදුවීම් බව ගම් වැසියන් පවසනවා. කෙසේ වෙතත්, ඔහු සියලු සැප සම්පත් මැද පොහොසත් ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට වඩා සතුටින් ජීවත් වන බව දිස්වෙන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.