හෙල්ලක් හිසේ වැදී සිසුවකුට බරපතළයි - A Javelin passes through student's eyes

  එල්ලය වැරදුණු හෙල්ලය Video (සංවේදී අය නැරඹීමෙන් වලකින්න)
පනාමුර මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමකදී පාසල් ක්‍රීඩකයකු විසින් විසිකරන ලද හෙල්ලක් එහි ශිෂ්‍ය නායකයකුගේ ඇසක් අසලින් කිඳා බැස ඇත. එම හෙල්ලයේ වැඩි කොටසක් ඊයේ ඇඹිලිපිටිය මූලික රෝහලේදී කපා ඉවත් කර තිබේ.

ශිෂ්‍යාගේ ඇස ළඟ කිඳාබැස ඇති හෙල්ලයේ ඉතිරි කොටස ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ මහ රෝහල වෙත වහාම එවනු ලැබීය.ඊයේ උදෑසන ඇඹිලිපිටිය පනාමුර විද්‍යාල ක්‍රීඩා පිටියේදී එස්.එච්. ගයාන් මධුසංඛ නම් 17 හැවිරිදි සිසුවා මේ අනතුරට ලක්විය.

අඩි හතරකට වඩා දිගු හෙල්ලය සිසුවාගේ ඇස ආසන්නයෙන් ශරීරගතවූ විට ඔහු එම හෙල්ලය පිටින් ම ඇඹිලිපිටිය මූලික රෝහලට ගෙනවිත් තිබේ.ඇඹිලිපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය ගාමිණී රත්නසිරි මහතාගේ මෙහෙයවීම මත පැයක ශල්‍ය කර්මයකින් දිගු හෙල්ලයේ කොටසක් ඉවත්කර තිබේ.


එම කොටස කපා දමා කිසියම් සැහැල්ලුවක් ලබාදී පසුව සිසුවාගේ ශරීරයට කිඳා බැස ඇති කොටස ඉවත් කිරීමට ඔහු කොළඹ මහා රෝහල වෙත යොමු කෙරිණි. සිසුවාගේ ඇසට හානි සිදුවී ඇතැයිද වෛද්‍යවරුන් කියති. වැඩිදුර ප්‍රතිකාර කොළඹ මහ රෝහලේ දී සිදු කරන නිසා ඔහුගේ තත්ත්වය ගැන කිව නොහැකි බව ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.


A student of the Panaamura Mahaa-vidyaalaya in Ambilipitiya was admitted to the Colombo National Hospital last afternoon with serious injuries near his left eye as a result of a javelin piercing his head.

This accident had taken place during a training session.

The student was sent to the National Hospital following primary treatment at the Ambilipitiya Base hospital including cutting away and removing a part of the javelin.

Colombo National Hospital Director Dr. Anil Jaasinghe said that a surgery was also performed on the student.

The student who thus faced this accident was 17-year old K. H. Gayaan Madhusanka.

Update : Friday, 10 January 2014 - 8:12
------------------------------------------
Javelin passes through 19 year old student's eyes.

A 19 year old student from Panamura Central College was admitted to the Colombo National Hospital after a Javelin past through his eyes during practise.

Gossip Lanka Hot News Previous News Archive