ගම්මන්පිලට රුපියල් 100 ඒවා ගොඩක් ලැබෙයි - Udaya Prabhath Gammanpila

මැතිවරණ ව්‍යාපාරයේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් 100 බැගින් ලබා දෙන්නැයි මහජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව ගිය සතියේ අඟහරුවාදා වෙන විට රුපියල් ලක්ෂ 19 ක මුදලක් තමන්ට ලැබී තිබුණු බව බස්නාහිර පළාත් හිටපු ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා කීය.

මැතිවරණ කටයුතුවලට ව්‍යාපාරිකයන්ගේ මුදල් ලබා නොගනිමින් පෝස්ටර්, මත්ද්‍රව්‍ය සහ රතිඤ්ඤාවලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් සඳහාත් යහපාලනය පිළිබඳ නැවුම් සංකල්පයක් ඉදිරිපත් කිරීම සඳහාත් රුපියල් සියය බැගින් තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරයට ගෞරව කරන බවද හිටපු ඇමැතිවරයා කීවේය.

ඒ අනුව කොළඹ දිසාවේ ජනතාවගෙන් 190,000 කට ආසන්න පිරිසක් තමන්ට රුපියල් සියය බැගින් ලබා දී තිබෙන බවත් ගම්මන්පිල මහතා කීය. තම මැතිවරණ ව්‍යාපාරයේ අත් පත්‍රිකා සහ රූපවාහිනී සහ ගුවන්විදුලි දැන්වීම් සඳහා තවදුරටත් ජනතාවගෙන් රුපියල් සියයක සහයෝගය අපේක්ෂා කරන බවත් මැතිවරණ අවසානයේ සියලු වියදම් පිළිබඳ අය වැයක් ඉදිරිපත් කරන බවත් හිටපු ඇමැතිවරයා කීය. කොළඹ දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.ස යටතේ ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයකු ලෙස හෙතෙම මෙවර බස්නාහිර පළාත් සභාවට තරග වදී.

Gossip Lanka Hot News Previous News Archive