Feb182014

ඔබාමා නඩත්තු කරන්න යන්නේ මහින්ද රාජපක්‍ෂට යන මුදලින් 1/4යි

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නඩත්තු කිරීමට වඩා වැඩි මුදලක් ශ‍්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නඩත්තු කිරීමට වැය වන බව ජප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. මතුගම ප‍්‍රදේහයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීවේය.

’මට පාර්ලිමේන්තුවේ හිටපු ටික කාලෙදීමට ඇහිලා තියනවා සමහර මැති ඇමතිවරු කියනවා අපි නම් අපේ එවුන් ගම්වල අන්දගෙන ඉවරයි කියලා.ඔවුන්ගේ වත්තෙන් කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් කාලා ජීවත් වෙනවා. මේ රටේ දුෂිත පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව හැමදාම මේ විදිහට ජීවත් වුණාම ඇති කියලයි.

ඇමෙරිකාවේ ජනාධිපතිව නඩත්තු කරන්න වියදම් කරන්නේ අපේ රටේ පාලකයව නඩත්තු කරන මුදලින් හතරෙන් එකකටත් අඩු මුදලකුයි. ඇමෙරිකාවේ ජනාධිපතිටත් නැති තරම් ආරක්ෂක භටයෝ, පොලීසිය යුද්ධයක් නැති අපේ රටේ පාලකයට දාලා තියනවා.යුද්ධය අවසන් කළ මට ඉන්නේ පොලිසියෙන් දාහත් (17) දෙනෙක් විතරයි. වර්ෂයකට කෝටි අටසිය පනහක් (850) රටේ පාලකයගේ නඩත්තුවට වැය වෙනවා. දවසකට ලක්ෂ දෙසිය පනහයි. නමුත් ලෝකේ මොනම රටකවත් මේ තරම් විශාල මුදලක් වැය කරන්නේ නැහැ’

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
rate janathawa kade yawanna lestiwenna epa.obamata yana iyadma meeta wada wishlai.api linde inna genbo nemei.

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive