පිළිකාවලින් පසුගිය වසරේ 14000 ක් මියගිහින් - සෞඛ්‍ය අමාත්‍යාංශය

පසුගිය වසර තුළදී පිළිකා රෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මියගිය සංඛ්‍යාව 14,000 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මුඛ පිළිකාවෙන් පමණක් පුද්ගලයෝ 2500 ක් මියගොස් සිටිති.

 පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් යැයි තහවුරු වී ලියාපදිංචි රෝගීන් ප්‍රමාණය 25,842 කි. සාමාන්‍යයෙන් මුඛ, ගලනාලය, ආමාශය, මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා මෙන්ම ගැබ්ගෙල සහ පියයුරු පිළිකා මේ පිළිකා වර්ග අතර බහුලව හඳුනාගෙන තිබේ. මින් ප්‍රථම පිළිකා වර්ග තුන කිසියම් පුද්ගලයෙකු වෙත කැඳවීමට ඉවහල් වන හේතු සාධක වන්නේ බුලත්විට, මත්පැන් හා දුම්බීමයි. මේවා භාවිතයෙන් තොරවීම පිළිකා අවදානම මැඬ පවත්වන අතර, කාන්තාවන් අතර බහුල ගැබ්ගෙල, පියයුරු පිළිකා කලින් පරීක්ෂා කර හඳුනාගැනීම තුළින් සුවකරගත හැකිය.

කෙසේ නමුත් බුලත් විටක් සැපීම මගින් මුඛයට පිළිකාකාරක 32 ක් ඇතුළු කරගන්නා අතර, මෙය මිනිසාගේ මාරාන්තික පුරුද්දක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive