වසර 15 කට පසුව මහේල, සංගක්කාර හෝ ඩිල්ෂාන් නොමැති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමක්

"තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න"
වසර 15කට අසන්න කාලයකට පසුව මහේල ජයවර්ධන, කුමර් සංගක්කාර හෝ ටී.එම්. ඩිල්ෂාන් නොමැතිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. බංග්ලාදේශය සමග හෙට(පෙබරවාරි 22) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට මුහුණ දෙන කණ්ඩායමට මෙම ක්‍රීඩකයන් තිදෙනාම එක් නොවනු ඇතැයි පැවසේ.
 මහේල ජයවර්ධන තරගාවලිය ආරම්භයේ දී ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඩිල්ෂාන්ද අතෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් නැවත පැමිණියේය. දෙවැනි එක්දින තරගයේ දී ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

මේ අනුව 1999 මැයි මස 14 වැනිදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් පසුව හෙට තරගයේ දී මහේල, සංගා සහ ඩිල්ෂාන් නොමැතිව ශ්‍රී ලංකාව පිටියට පිවිසෙයි. මේ තිදෙනා වෙනුවෙන් ආදේශ වනු ඇත්තේ ළහිරු තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන් සහ කිත්රුවන් විතානගේය. 

මහේල (තරග 407, ලකුණු 11401, ශතක 16), සංගක්කාර (තරග 364, ලකුණු 12252, ශතක17) සහ ඩිල්ෂාන් (තරග 277, ලකුණු 8025,ශතක17) තිදෙනා ගේ එක්දින අත්දැකීම් කැටි කළහොත් එය තරග 1048 කදී ලකුණු 31678 ක් ලෙස දැක්විය හැකිය. තිදෙනගේ එක්දින ශතක ප්‍රමාණය 50 කි. මේ තිදෙනා නොමැතිව හෙට තරග කරන ශ්‍රී ලංකා තරුණයන් අතර එක්දින ජාත්‍යන්තර ශතක ලබා ඇත්තේ දිනේෂ් චන්දිමාල් (02) සහ ළහිරු තිරිමාන්න (01) පමණි.
ඒ අනුව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා අනාගත කණ්ඩාමේ තරගයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. ධම්මික ප්‍රසාද් ක්‍රීඩා නොකළහොත් ලසිත් මාලිංග පමණක් වයස අවුරුදු 30 ට වැඩි ප්‍රවීණ ක්‍රීඩකයා වෙයි. අනෙක් සියලු ක්‍රීඩකයන් වයස අවුරුදු 30ට අඩු ක්‍රීඩකයන්ය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මීර්පූර්හි ශෙයා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.


ශී‍්‍ර ලංකාව මේ වන විටත් එක්දින තරගාවලිය ජයගෙන තිබෙන නමුත් එක්දින ශ්‍රේණිගත කිරීමේ මේ වන විට අත්කරගෙන සිටින සිවුවැනි ස්ථානය රැුක ගැනීමට නම් මෙම තරගය ජයගැනීමත් අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ.

මෙම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු විය. එහෙත් තරගාවලියේ පළමු තරග දෙක ජය ලැබීමෙන් ප‍්‍රසාද ලකුණක් හිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු 109 ක් ලබාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට එංගලන්තය (109) සමග සිවුවැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා පිල හෙට තරගයෙන් ජය ලැබුහොත් සිවුවැනි ස්ථානය රැුකගැනීමේ අවස්ථාව ලැබෙන අතර පරාජයට පත්වුහොත් නැවත් පස්වැනි ස්ථානයට තල්ලූ වෙයි.

ඕස්ටේ‍්‍රලියාව (117), ඉන්දියාව (115) සහ දකුණු අප‍්‍රිකාව (110) ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලිය ජය ලබා සිටීම නිසා මෙම තරගයේ ප‍්‍රතිඵලය තරගාවලියට කිසිදු බලපෑමක් නැත.

Gossip Lanka Hot News Previous News Archive