නදීශා හේමමාලිට කුරුඳු පොල්ලෙන්ම උත්තර

මංගල සමරවීර මහත්තයගෙ කුරුඳු පොලු හමුදාවට අලුතින් බැඳුණා කියන නදීශා හේමමාලිටත් කුරුඳු පොලුවලින්ම උත්තර දෙන්න ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ කුරුඳු පොලු අතේ තියාගෙන බලන් ඉන්නවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා පසුගියදා මාතර දී පැවැසීය.

ඒ මහතා එම අදහස් පළ කර සිටියේ පිටබැද්දර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් අරස මරක්කලගේ නදීශා හේමමාලි සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

මෙදා එක්සත් ජාතික පක්ෂයෙන් මාතරට තරග කරන්න නදීශා කියලා නිළියක් දාලා තියෙනවා. මාතර හතර සීමාවල්වත් නොදන්න මෙයා නාම යෝජනා භාර දීපු දවසේම වාගේ කුරුඳු පොලු හමුදාවට එකතු වුණා කියලා ප්‍රසිද්ධියේ කියන්න ගිහිල්ලා ඇඟ පුරාම නාගත්තා. මොකද පහුගිය කාලේ මාතර නගරයේදී කුරුඳු පොලුවලින් ගහගත්තෙ යූඑන්පීකාරයෝ දෙපිරිසක්මයි. එක කණ්ඩායමක් යූඇන්පී නායකයාට පක්ෂව අනික් කණ්ඩායම නායකයාට විරුද්ධව. දෙගොල්ලන්ගෙ ගහ මරා ගැනිල්ල මාතර මිනිසුන්ට යාන්තමින් අමතක වෙලා යද්දි නිළිය ඇවිත් ඒ අතීතය නැවතත් මතක් කළා.


දැන් දැන් මාතර නගරයේදී කුරුඳු පොලුවලින් ගුටි කාපු යූඇන්පී කාරයෝ කුරුඳු පොලු ලෑස්ති කරන් ඉන්නෙ ඔය කුරුඳු පොලු හමුදාවට බැඳුණා කියන අලුත් සෙබළිය මනාප ඉල්ලගෙන ගම්වලට එනකන්. අද මාතර එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වෙලා ඉවරයි. ඒ අයත් එක්ක අපිට තරගයක් නෑ. අද තරගය තියෙන්නේ ආණ්ඩු පක්ෂයේම අපේ අපේක්ෂකයෝ විසි දෙනා අතර. අද යූඑන්පීකාරයන් ආතක් පාතක් නැතුව අනාථ වෙලා ඉන්නේ. සමහරු ප්‍රසිද්ධියේම ආණ්ඩුව එක්ක එකතු වෙන්න තියෙන ලැජ්ජාවට නිහඬව ඉන්නවා. සමහරු ප්‍රසිද්ධියේම ආණ්ඩු පක්ෂයට වැඩ කරනවා.

Gossip Lanka Hot News Previous News Archive