වනාතමුල්ලේ පැහැරගැනීමට ලක්වූ සුනිල් කියන කතාව

"වනාතේ සුනිල් ආරක්ෂාව ඉල්ලයි"
වනාතමුල්ල නිවාස අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ අතර එහිදී එයට විරුද්ධ හඬක් නැගු එම පුදේශයේ ජීවත්වන සමරධීර සුනිල් නැමැත්තා පැහැරගනීමකටද ලක්විය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය. එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් නැමැත්තා සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරන ලද අතර වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු - සුනිල් වටගල මහතාද මතුවී තිබෙන තත්වය පැහැදිලි කළේය. කෙසේවෙතත් වනාතමුල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැර ගැනීමට ලක්වූ බව කියන සුනිල් නමැත්තා කියා සිටියේ තම ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් රජය ඊට වගකිව යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ පැහැරගැනීමට ලක්වූ සරධීර සුනිල් ප්‍රකාශ කල අදහස් පහත දැක්වේ.

"වනාතමුල්ල නිවාස සමිතියේ මම ඉන්නවා..අපේ නිවාස වෙනුවෙන් අපි කතා කරා..අපිට ප්‍රශ්න ගොඩක් තියෙද්දී ආරක්ෂක ලේකම් තුමා අපේ බිල්ඩින් එකට ආවා..මම ඒ වෙලාවේ කඩයප්පන් තබන තැනක හිටියේ..ප්‍රසාද් කියන එක්කෙනයි බ්‍රිගේඩියර් නුයි මාව ඈත ඉදන්ම පෙන්නුවා..පෙන්නුවට පස්සේ මගේ නිවාස පැත්තට ආවා..

නිවාස පැත්තට ඇවිත් ගෝඨාබය මහත්තයා මට කිව්වා තමුන්නාසේ එක්ක කතා කරන්න ඕන කියල..එතකොට එයාගේ හැටියි මගේ හැටියි දෙකක්..මම එතකොට එයාගෙන අනුමැතිය ගත්ත මම එයාත් එක්ක කතාකරන එක හොඳද කියලා..

මං වගේ පොඩි එක්කෙනෙක් තමුන්නාසේ එක්ක කතා කරන එක හොඳයිද කියන එක..අන්න එතැනදී මම විවේචනය කරන්න පටන්ගත්ත්තා..එයා කියන සේරම ඇත්තනම් නෙවෙයි. මේ එක ගෙයක් ලක්ෂ හැත්තෑවක් නම් ඇයි අපිව ලක්ෂ දහයට යවන්නේ..එතකොට මම වෙනම එයත් එක්ක ප්‍රශ්න කතාකරනකොට අර ප්‍රසාද සහ බ්‍රිගේඩියර මාව පාවලා දුන්නා..

එතකොට මම කිව්වා සර් ඇවිල්ල මේ ගෙවල් වල ප්‍රශ්න විසඳුවා නම් අපි ඔක්කොම සතුටු වෙන්වා..මේගොල්ලෝ එහෙම නෙවෙයි ආවේ..දුමින්ද සිල්වාල ඇවිල්ල ජයන්ත කියන කෙනාට පයින් ගහලා..එහෙමයි ආවේ..

ඉතින් ප්‍රසන්න සහ බ්‍රිගේඩියර් මාව පාවලා දෙනවා , මම එයාලව පාවල දුන්නා..අන්තිමට මේ සේරම අහපු ගෝඨාබය මහත්තය එයාලගෙම පැත්ත අරන් කිව්වා ප්‍රභාකරන් නැති කරපු එකේ වෙන මිනිස්සු මොනාද කියලා..මම ගම වෙනුවෙන් කතා කරේ...

උඹට ගෙවල් දෙකක් දෙනවනේ පලයන් කියලත් කිව්වා..මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරපුවා මේගොල්ලෝ කඩලා අර බලු කුඩුවකට යවනවා..එකේ ප්‍රමිතිය කිව්වම එයා මට ගොඩක් දොස් කිව්වා..ඒ එක ගලක් වත් බර ඒවා නෙවෙයි..එක ගලක් අඟල් 14 ක් 15 ක් දිගයි, ගල් පහක් හයක් පොඩි ළමයෙකුට උනත් උස්සන්න පුළුවන්. වතුරට දැම්මම උඩ පාවෙන ගල්. යකඩේ හේත්තු වෙන්න ගල් බැඳලා නෑ..ඇතුලට පෝර බෑග් ඔබල හදල තියෙන්නේ. ඒක කිව්වම එයාට තරහා ගියා
පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළ යුතු කරුණු පිළිබඳව තමන්ට උපදෙස් ලබාදුන් බවද සුනිල් නමැත්තා මෙහිදී කියා සිටියා.
සම්පුර්ණ හඬ පටය අහන්න පහතින්






Samaradheera Sunil, who was recently abducted, has questioned if Mr. Gotabaya is the director of the drama of his abduction.He raised the particular question at a media conference held to brief the media regarding his abduction at the community hall at the 45th ‘Waththa’ in Wanathamulla area yesterday (17).

At the media conference Samaradheera Sunil described the incident and said that a verbal exchange occurred between him and Defence Minister Gotabaya Rajapaksa regarding the forceful sending of him from his comfortable two storey house into houses similar to chicken coops.Samaradheera Sunil added that he did so as Gotabaya requested a meeting with him.

At the permission of the defence secretary, I said what I intended to say his face, Samaradheera Sunil further said.Later on he was kidnapped by a jeep similar to a Pajero and was taken to a certain place after one and half hour's journey blindfolded and limbs tied with a chain, he said.

Noting that one of the kidnappers received a phone call while he was being questioned, Sunil said that soon after the call, he was released in the Biyagama area.He also revealed that, the kidnappers who questioned him of his birthday asked him to mark today as his birthday.

Convener of the Organization to protect homes at Wanathamulla -Attorney-at-Law Sunil Watgala was also present at the event.Speaking, he said the Urban Development Authority is arbitrarily attempting to eject residents from their homes and herd them into a housing complex that has been constructed without any standards.

Gossip Lanka Hot News Previous News Archive