කෑමට බීමට පමණයි.. නල ජලය වාහන සේදීම, මල්වලට දැමීම නවතන්න

දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණය නිසා ජල මූලාශ‍්‍රවල ජල මට්ටම සීඝ‍්‍ර ලෙස පහළ යමින් තිබෙන බවත්, මේ නිසා නළ ජලය භාවිත කරන සියලූම දෙනා ජලය අත්‍යවශ්‍යම කටයුතු වලට පමණක් යොදා ගන්නා ලෙස ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

දැනට අඛණ්ඩව නළජලය සපයන්නේ ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් බවත්, දිගින් දිගටම මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් ඉදිරියේදී ජල සැපයුම සීමා කිරීමට පවා සිදුවන බවද එම අමාත්‍යංශයේ ලේකම් අමරානන්ද අබේගුණසේකර මහතා පවසයි.

ආහාර පිසීම, බීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් නළජලය භාවිත කරන ලෙසත්, පවතින කාලගුණ තත්ත්වය වෙනස්වන තුරු වාහන සේදීම, මල්පැළ වලට වතුර දැමීම වැනි විවිධ හේතු මූලික කර ගනිමින් සිදුකරන භූමියට ජලය විසිරීම සීමා කරන ලෙසටද ඔහු ඉල්ලා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive