රෑට කාන්තා යට ඇඳුම් සොරකමේ ගිහින්

කාන්තා යට ඇඳුම් රෙදි වැල්වලින් රාත්‍රි කාලයේ සොරා ගැනීම පුරුද්දක්‌ කොටගෙන අත්අඩංගුවට පත්ව රිමාන්aඩ් භාරයේ පසු වූ සැකකරුවකු චෝදනාවට වරද පිළිගැනීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු රුපියල් 5000 ක මුදල් සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය.

ඇප නියම වූ සැකකරු වූයේ ගාල්ල මත්තක වැයිහේන පදිංචි කනත්තේවත්තේ ගෙදර පදිංචි රෝහණ කුමාර නමැත්තෙකි. ඔහු විසින් සීදුව අමන්දොළුව ප්‍රදේශයේ නිවාසවල තිබෙන රෙදිවැල්වල වනා තිබෙන කාන්තා යට ඇඳුම් රාත්‍රි කාලයේ සොරාගෙන පොලිස්‌ අත්අඩංගුවට පත්වී ඇත.

සැකකරු භාරයේ තිබී කාන්තා යට ඇඳුම් තොගයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මාර්තු මස 3 වැනි දින පැවැත්වේ.

Gossip Lanka Hot News Previous News Archive