පොලිසිය පුතාට දොර පොල්ලෙන් පහරදෙද්දී කම්පනයට පත් මව මියයයි

Death of woman after Minuwangoda police raid – officers interdicted
පෙරේදා රාත‍්‍රියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනකු සුළු පැමිණිල්ලකට එම ප‍්‍රදේශයේ නිවසකට බීමතින් ගොස් සැකකාර පුද්ගලයාට අමානුෂික ලෙස පහරදෙමින් අත්අඩංගුවට ගන්නට යාමේදී ඇතිවූ කම්පනය නිසා එම පුද්ගලයාගේ මව හදිසියේ මියයාමේ සිද්ධියක් වාර්තා වුණා.

නිවෙසක පිටුපස දොර කඩා බලහත්කාරයෙන් ඇතුළු වී එම පුද්ගලයාට දොර පොල්ලකින් පහර දීමේදී, එම සිද්ධිය දැකීමෙන් ඇති වූ කම්පනයෙන් අවුරුදු පනහක් වයසැති අදාළ පුද්ගලයාගේ මව පපුවේ අමාරුවක් සෑදී මෙසේ මියගොස් තිබුණා.

මිනුවන්ගොඩ, බොරගොඩවත්තේ පිහිටි මෙම නිවසට පොලිසිය කඩාවැදී ඇත්තේ පෙරේදා අලූයම 2 ට පමණය. ඔවුන් එසේ පැමිණ ඇත්තේ බීමතින් බවද පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.මිනුවන්ගොඩ ක‍්‍රීඩාංගණයකදී පිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධ පැමිණිල්ලකට කට උත්තර ගැනීමට රනිල් ප‍්‍රසාද් නමැති සැකකරු සොයා පොලිසිය මෙම නිවසට පැමිණ ඇත.නිවෙසේ ඉදිරිපස දොරට ගසමින් දොර විවෘත නොකළහොත් වෙඩි තබන බවට තර්ජනය කර තිබුණ මෙම පොලිස් නිලධාරීන් ඉන්පසු පිටුපස දොරට පයින් ගසා නිවෙසට ඇතුළු වී ඒ අසල නිදාගෙන සිටි මියගිය වසන්තා පද්මිණී මහත්මියගේ බාල පුතා වන රනිල් ප‍්‍රසාද්ට දොරට තබා තිබූ පොල්ලකින් සහ සපත්තුවලින් අමානුෂික ලෙස පහර දී ඇත.


පොලිසිය සැකකරුට පහර දෙනවා දුටු සැකකරුගේ මව විලාප නගමින් කෑගසා එය නතර කරන ලෙස ඉල්ලා ඇති නමුත් පොලිසිය නතරවී නැත.මහ? සිද්ධවන මේ අනපේක්ෂිත විපත්තියට කලබලවී සිටි ඇය ඒ අවස්ථාවේ පපුවේ වේදනාවක් ඇති බව කියමින් අද වැටුණ බව ඇගේ ලේලිය සාක්කි දෙමින් පැවසුවා.


කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම පසෙක තබා ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත ගෙන යාමට පියවර ගෙන තිබුණත් ඇය රෝහලේදී මියගියා.මෙම සිද්ධිය නිසා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කාන්තාව හදිසියේ මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය එම නිවස වෙත ගිය පොලිස් නිලධාරීන් තිදෙනාගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. නිවසට ගොස් තිබුනේ සැරයන්වරුන් වන (25318* සමන් ප‍්‍රියංකර, (220671* ජයශාන්ත දිසානායක සහ කොස්තාපල් (55459* ඉන්දික පතිරණ යන නිලධාරීන් තිදෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.

Three police officers whose service was the centre of controversy following a police raid in Minuwangoda have been interdicted.The Police Media Unit stated that two police sergeants attached to the Minuwangoda Police and a police constable were interdicted.

The Minuwangoda Police conducted a raid to arrest a suspect in connection with an assault on Tuesday night. The police officers are alleged to have assaulted a youth in the house.Subsequently, the mother of the youth who fell ill and was hospitalised following the incident, succumbed to her illness. special investigation has been commenced under a superintendent of police and the three officers have been suspended

Gossip Lanka Hot News Previous News Archive