Pages

සිසුවියගේ අවමගුල් පෙරහරට විදුහල ඉදිරිපිටින් යාම තහනම් වෙයි


 ‘Facebook’ පිටුවක පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා එල්ල කළ පරුෂ චෝදනා නිසා සිත්තැවුලට පත් වී ගෙල වැළලා ගෙන මියගිය සිසුවියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (07) සවස සුසාන භූමිය වෙත යා යුතුව තිබූ මාර්ගයේ ගමන් නොකරන ලෙසට තහනම් නියෝගයක් පනවා තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ දඹුල්ල පාර,‍තෝර යාය පදිංචි වී සිටි පී.පී.වෙනෝෂා ඉමන්දි දැරියයි. ඇය මෙවර අපොස විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි රූමත් දැරියකි. ඇය සිය ගෙල වැළලා ගන්නට පෙර ෆුල්ස්කැප් පිටු දෙකක් පුරා විදුහල්පතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එල්ල කළ චෝදනා සඳහන් කර තිබේ.

 ඇ‍ය පදිංචි නිවසේ සිට මල්කඩුවාව පොදු සුසාන භූමිය වෙත යා යුතුව ඇත්තේ ඇය ඉගෙනුම ලැබූ සර් ජොන් කොතලාවල විදුහල ඉදිරිපිටින් ය. එම විදුහල ඉදිරිපිටින් අවමගුල් පෙරහරට ගමන් කිරීමට ඉඩ නොලැබෙන පරිදි තහනම් නියෝගයක් පනවා ඇතැයි වාර්ථා වේ. පාසලේ කිසිම සිසුවෙක්ට නිල ඇඳුමින් මෙම අවමගුලට සහභාගී නොවන ලෙස නියෝග කර තිබේ.

ඇය ලියු ලිපිය පහතින් බලන්න



2014 -02-05



අප්පච්චී වෙත..

මට සමාවෙන්න මම මේ වගේ තීරණයක් ගත්තට මං වරදක් නොකර මට බෑ මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගවට ගෙනියන්න. එතන මං වරදක් කලානම් කලේ 7 වසරෙදි 4to ගහපු එක.මං කල ඒ වරද විතරක් මං පිළිගන්නවා. 4to එක f b දාපු කෙනයි ඒ 4to එක දීපු කෙනයි බේරිරා ඇයි මට විතරක් ඇඟිල්ල දික්කරන්නේ.අද මං මගේ අහින්සක අප්පච්චී ස්කෝලෙට ගෙනිච්ච නම් සර්ගෙ පද කොච්චර අහන්න ඕනද මගෙඅප්පච්චී එහෙම දේවල් අහන්න ඕන නෑ.කොච්චර ප්‍රශ්න ගොඩක් අප්පච්චි ඔළුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ. ඒ අස්සේ කොහෙවත් යන එකකට මගෙ අප්පච්චි බාල්දු කරන්න මට කොහොමවත් ඕන කමක් නෑ.මේ ඔක්කොටම හේතුව අපේ ප්‍රින්සිපල් කිසිමදෙයක් දන්නෙ නැතුව මට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.එක පාරක් ළමයි 5000ක් මැද්දේ රැස්වීමේ උඩට ගත්තා කොල්ලෙක් එක්ක film එකක් බැලුව කියල.ඒක දන්නවා මගේ නංගි, අක්කි මං තනියමද ගියේ කියලා.මෙච්චර අසාධාරණ කම් වෙද්දී මං ගොඩක් ඉවසුවා.තවත් බෑ බණ්ඩාර සර් පංති භාර ගන්නවා කියල දැනගත්ත දවසෙ හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා.එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා.මේ ස්කෝ‍ලෙ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද.ස්කෝලෙ මොකක්හරි තරඟයක්,උත්සවයකට මම නැටුවෙ නැත්නම් තමා පුදුමෙ.ජයසුන්දර මිස් රංජනී මිස් ඒවා දන්නවා.මට තවත් බෑ මගෙ බණ්ඩාර සර්ටයි මගෙ අප්පච්චිටයි දුකක් දෙන්න. මං අද කරගන්න දෙයින් මම හිතනවා තවත් ළමයින්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.

සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා.මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහඅහ O/L කවදාවත් කරන්න බෑ.අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට ‘‘වේසි’’ කියලා කතා කරන එක නවත්තන්න.ළමයින් වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා .ඔය ස්කෝලෙ වැරදි කරන්නෙ මමයි නංගියි විතරක් නෙවේ.50% ක්ම යාළු වෙලා ඉන්නෙ.ඒවා සර් දන්නෙ නෑ අපි කියන්නෙත් නෑ.ඒකයි හැමදාම අපේම වැරදි කියන්නෙ.මං මගෙ අප්පච්චිට ගෙඩක් ආදරෙයි.කවුරුත් ඉස්සරහ මගෙ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ.දැන් ප්‍රින්සිපල්ට තියෙන්නෙ මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා.අපි හොඳ දෙයක් කළාට තරඟ වලින් දින්නටඅපිට හොඳ නාමය දුන්නෑ ඒත් වරදක් කලාම ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නෙ.එයා කියන්නේ මම ස්කෝලෙට අගවුරවයක් කියලනේ ඕව අහඅහ මට ස්කෝලෙ යන්න බෑ ගමගේ සර් කිවුවා මම නරක ළමයෙක් කියලා.මං එවෙලේ මගේ O/L රිසාර්ට් වලින් මගේ හොඳනරක පෙන්නන්න තීරණය කළත් මං පරක්කු වැඩී දැන් කරන්න දෙයක් නෑ.

මට ඔය ස්කෝලෙ මගේ දක්ෂතා ගැන කියනවානම් කිවුවේ මගේ බණ්ඩාර සර්,නැටුම් මිස්ලා දෙන්නා ප්‍රභා මිස් විතරයි.මං ප්‍රභා මිස් ගාවට ගිහින් මගේ ප්‍රශ්න ගැන කියලා මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරඟයක් දෙන්න හිතාගෙන හිටියේ.ඒත් මගේ හීන ඔක්කොම විනාශ කරා.මට දැන් O/L තියා ලබන ආත්මෙ කොහොම තැනක් තියෙයිද කියලවත් හිතාගන්න බෑ.

අප්පච්චී ඔයා මගේ ඉඩම් කොටස ඔයාගේ නමට හරව ගන්න.මම නැතුව ඔයට සළකන්න කෙනෙක් ඉඳියොත් පුදුමයි.දැන් ඔයා ලඟින් ඔක්කොම ඉන්නේ සල්ලි තියෙන නිසා.නැති වුන දාට ඔයාට කවුරුත් නැතිවෙයි.ඒක වෙන්න දෙන්න බැහැ.අවසාන අවසාන මෙහොතෙත් මගෙ අප්පච්චිගෙ ඇස් දෙක විතරයි පේන්නෙ.මට ඔයා දාල යන්න ගොඩක් දුකයි.නංගිත් පුළුවන්නම් ස්කෝලෙන් අස් කරන්න.ඔය ප්‍රින්සිපල් ඉන්නකම් නංගිට වනස්කම් කරයි.අම්මේ මම අම්මටත් ගොඩක් ආදරෙයි.අම්ම මං එක්ක කතා නොකරට කමක් නෑ සතුටින් ඉන්න.මගෙ අක්කි මට අන්තිම වෙලාවෙත් බලාගන්න බැරි වුනා.ඔයත් ඉන්න තැනක සතුටින් ඉන්න.මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් ‍හොයල බලන්න.නංගී එයා ලොකු ගින්දර ගෙඩක් මැද්දේ පිච්චි පිච්චි ඉන්නෙ.මං නැතුව ඔයාගෙ ප්‍රශ්න කියන්නෙ කාටද අප්ච්චි.මට ලියන්න ලියන්න මගේ හිතේ දුක තවත් වැඩි වෙනවා.ලබන ආත්මෙටවත් සැනසීමක් නැතිවෙයි.

මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉඳියි.ස්කෝලන් අස් කරන්න බලයි.ඒ ළමයි වෙනුවෙනුයි මේ තීරණේ.

I love my family

මාව දැක්ක ගමන් බණ්ඩාර සර්ට ඉස්සෙල්ලාම කියන්න.

-සබැදි පුවත්-

1. Facebook ඡායා රුපය දැරියට මරු කැඳවයි