කරණවෑමි පෙම්වතා දැරිය දූෂණය කරලා !

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම පදිංචිකරුවෙකු වන අතර ඔහු නවගත්තේගම ප්‍රදේශයේම බාබර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත. 

අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේය. පාසල් යන අතර තුර දැරිය හා සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් හට ගෙන ඇත. 

දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට සැකකරු තමන්ට අයත් ත්‍රී රෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව දූෂණය කොට ඇත.

කැලෑව තුළ පාසල් දැරිවියක් තවත් අයෙකු සමග සිටිනවා දැක ඇති ඒ අසලින් ගමන් කළ අයෙකු විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය කැලෑව තුළදීම සැකකරුව සහ පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව පාසල් සිසුවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පෙම්වතා තමාව කැලෑව තුළදී දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive