![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheRshWcHUSyobR2Vfz-q_f8WoHNVI94B7ozBZVmcFdfv_NU7BotxGkceRE69rtcp3x7J2z4gU78N_s127eiChgf3DJrLw64Aendzj2m-Ty6AhMeg339q1Yiv76WJ3286uvP9lvkoX8iYAc/s1600/3(124).jpg)
කොහොමද සෙනාලි ඉතින්?
හොඳින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු වලදී ලැබුණු කෙටි නිවාඩුවකට පසුගිය දෙසැම්බර් අගදී මම ආපහු ලංකාවට ආවා. ඒ අතරම ආරාධනා ලැබුණු අලුත් නිර්මාණ කිහිපයකටත් මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නවා. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එකතු වෙද්දි තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 'කළු සෙවණැල්ල' කියලා.
මේ ටෙලි නාට්‍යය කොටස් 30ක සිමීත එකක් හින්දා මෙහි රූපගත කිරීම් කටයුතු පහුගිය නිවාඩුවට ආපු වෙලාවේ අවසන් කරගන්න පුළුවන් වුණා. මම හිතන විදිහට මෙහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. බොහෝ විට ඉදිරි කාලයේදී මේ ටෙලි නාට්‍යය ඉතා ඉක්මනින් විකාශය වේවි කියලා හිතනවා. ඊට අමතරව 'සිරි පැරකුම්' චිත්‍රපටයෙන් පස්සෙ තවත් චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. එක් චිත්‍රපටයකට මා මේ වන විටත් කැමැත්ත ලබාදීලා තියෙනවා.
'සිරි පැරකුම්' හි 'සිරිමල් එතනා' චරිතයට කොහොමද ලැබුණ ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර ලැබුණා. 'සිරි පැරකුම්' චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් වුණත් මාව අද දකින මගේ ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ 'සිරිමල් එතනා' කියලා. එතකොට නම් පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා. මොකද, මගේ පළමු රංගනයට මෙවැනි ඉහළ ප්‍රතිචාර තවමත් ලැබෙන හින්දා.
ලංකාවේ විතරද ඔයාට මේ වගේ ප්‍රතිචාර ලැබුණේ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5nmO9UWWL66BnoM-aNq72as_l-9_l2OQEimjBagjAS3RQkifhjaab48z6tvOXVjUcfxorCbwHWfZgxjuNaavpdEkY90_LN9vz4Z4QU3QAgrHVbttdMo02y9ojziQe9itJ-SJfjv1ygIhN/s1600/1(141).jpg)
'සිරි පැරකුම්' එංගලන්තයේදී ප්‍රදර්ශනය කරන්න සැලසුම් කළේ නැද්ද?
'සිරි පැරකුම්' චිත්‍රපටය එංගලන්තයේදී ප්‍රදර්ශනය කළේ නැහැ. නමුත්, ඔස්ට්‍රේලියාව හා ඉතාලිය යන රටවල් වල මෙය ප්‍රදර්ශනය කළා. ඒ අයගෙනුත් මට සහ මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබුණා.
රංගනය කියන දේ හදාරන්න අවශ්‍ය දෙයක් කියලා මේ අවස්ථාවේදී හිතුණෙ නැද්ද?
හිතුණා. ඒ නිසාම තමයි මම මේ වන විට එංගලන්තයේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරීමක් සිදුකරන්නේ. මම හිතනවා එහිදී ලබන අධ්‍යයනය ඉතා වැදගත් වේවි කියලා ඉදිරියේදී මා රංගනයෙන් දායක වන නව නිර්මාණ වලට.
නැහැ. ඒකට හේතුව තමයි රංගනය කියන්නේ මගේ වෘත්තිය නොවන නිසා. මම කැමතියි රඟපාන්න. මොකද, ඒක මගේ පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක් හින්දා. මම දැනට ජීව විද්‍යා අංශයෙන් ක්‍රේම්බිජ් විශ්වවිද්‍යලයේ උපාධිය හදාරනවා. ඒ අංශයෙන් මම විද්‍යාඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට ඒක තමයි මගේ වෘත්තිය වෙන්නේ.
දිගටම ලංකාවේ නවතින්න අදහසක් නැද්ද?
තියෙනවා. මගේ අධ්‍යාපන කටයුතු තව අවුරුදු 4කින් හෝ 5කින් නිම වෙනවා. එතකොට මට විද්‍යාඥවරියක් විදිහට රැකියාවක් කරන්න පුළුවන්. ලංකාවේදී ඒ විදිහට වැඩ කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ නිසා තව අවුරුදු කිහිපයකින් මම නැවතත් ලංකාවේ පදිංචියට එන්න සූදානම් වෙනවා. එතකොට විද්‍යාඥවරියක් විදිහට ලංකාවට සේවයක් කරන්න වගේම ලංකාවේ කෙරෙන කලා කටයුතු වලටත් දායක වෙන්න හැකිවේවි කියලා හිතනවා.
ඡයාරූප 'කිසල් ෆොටෝග්‍රැෆි' අනුග්‍රහයෙනි