ගයේෂගෙයි රුවන්තිගෙයි අලුත්ම තොරතුරු

මෙවර බස්නාහිර පලාත් සභා නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී ගිය ගයේෂා පෙරේරා හා රුවන්ති මංගලා ආගිය අතක් සොයාගැනීමට පසුගිය කාලයේ බොහෝ දෙනෙකු හට නොහැකි වී තිබිණ.

නමුත් ඔවුන් දෙදෙනා මේවනවිට මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ පෙනී සිටිනා බව වාර්තාවේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාගේ උත්සව වලට රුවන්ති මංගලා සහභාගී වන අතර රාත්‍රී කාලයේ පැවති උත්සවයක දුමින්ද සිල්වා ලඟින්ම ඇය අසුන්ගෙන සිටිනා අයුරු පසුගියදා දැකගත හැකිවිය.

මේ අතර ගයේෂා පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග මැතිවරණ ප්‍රචාරක රැලි වලට සහභාගි වෙමින් සිටියි.ඇය, ගීතා කුමාරසිංහ මහත්මියගේ ජයග්‍රහණය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ගාල්ලට ගොස් තිබෙන බවත් වාර්තාවේ.








Gossip Lanka Hot News Previous News Archive