මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා පෝමලීන් කරවල කල් තබා ගැනීමට ?..... !

කරවල සහ මීකිරි කල් තබාගැනීමටත්, කඩල, මුං ඇට හා කව්පි වැනි ධාන්‍ය වර්ග 'ගුල්ලන්' වැනි කෘමීන්ගෙන් බේරා ගැනීමටත් මිනිස් සිරුරට අහිතකර විස රසායන භාවිත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.

මළ සිරුරු කල් තබාගැනීම (එම්බාම්) සඳහා යොදාගන්නා පෝමලීන් නම් විස රසායනිකය කරවල කල් තබා ගැනීමට භාවිත කරන බවට අනාවරණය වී ඇතැයි එම පර්යේෂණය සිදුකරන ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.

ආදාහනාගාරවල දමා කරවල වේළා ගන්න බවටද පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සියුම් පර්යේෂණයක් කිරීමටද නියමිතය.මීකිරි මත පුස් බැඳීම වැළැක්වීමට යොදා ගන්නේ විස රසායනිකයක් බවද හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන්ද පුළුල් පර්යේෂණ සිදුකරන්නේ යැයිද ආචාර්ය මධුජිත් මහතා කීය.ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් බේරා ගැනීමට කඩල, කවුපි සහ මුං ඇට වැනි ධාන්‍ය වලටත් විස රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවද අනාවරණය කරගෙන ඇති බවද හෙතෙම කීය.

මේ ආකාරයට ආහාර කල් තබා ගැනීමට මිනිස් සිරුරට අහිතකර විස රසායනික භාවිත කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පර්යේෂණ කරගෙන යන බවද ඒ මහතා පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive