කුරුණෑගල විදුහල්පතිට එරෙහි පැමිලිලි රැසක්

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා විසින් සිසුවියකට ඉතා පහත් වචනවලින් බැණ වැදීමත් එය හේතුකොටගෙන ඇය ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගැනීමත් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඊයේ (17) සිය විමර්ශන ආරම්භ කළේය.

ඔය පාසල සහ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මෙම සිද්ධියට පෙරත් අපිට දිගින් දිගටම පැමිණිලි රාශියක් ලැබිලා තිඛෙනවා.පාසල් පද්ධතියේ ප්‍රශ්නවලට අපි එකවරම ඇගිලි ගහන එක හොඳ නැති නිසා ඒ ගැන යම් පියවරක් ගැනීම වයඹ පළාත් අධ්‍යාපනඅධ්‍යක්ෂට පැවැරුවා. මතෛක් ඒ ගැන කිසිවක් ඔහු කරලා නැහැ. දැන් ළමයෙකුත් මිය ගිහින් තියෙනවා. අපි තවත් බලා හිටියොත් තව මොනවායින් මොනවා වේවිද දන්නේ නැහැ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය එසේ සඳහන් කළාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස තමන් දැනුම් දුන් බවද ඇය පැවැසුවාය.1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 අ” වගන්ති ප්‍රකාරවළමුන් කෘෘරත්වයට පත්කිරීමට මානසික ව්‍යාකූලත්වයටද අයත් බව සඳහන්ව ඇති බැවින් හා 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයෙන් මානසික හානි අපරාධ නීතියට ඇතුළත් කර තිඛෙන බැවින් විදුහල්පතිවරයා ඉතා පහත් වචනවලින් සිසුවියට බැණ වැදීම කෘෘරත්වයට පත්කිරීමක් සේ සලකා නීතිමය කටයුතු කළ හැකිය.

මේ වන විට සිසුවිය ජීවතුන් අතර නොමැති බැවින් ඇය මිය යන්නට පෙර ඇගේ අත් අකුරින්ම ලියන ලද ලිපියෙහි ඇය සියදිවි හානිකර ගැනීමට මුල් වූ කාරණාව විදුහල්පතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම බව පැහැදිලිවම සටහන් කර තිඛෙන බැවින් එය ඇගේ මරණාසන්න ප්‍රකාශයක් සේ සලකා කටයුතු කළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ විධිවිධානවලට අනුව කෘෘරත්වයට පත්කිරීමට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් කළ හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ගයාන් කුමාර වීරසිංහ

Gossip Lanka Hot News Previous News Archive