දුරකථනයෙන් නිරුවත වීඩියෝ කර පෙම්වතිය අමාරුවේ වැටුණු හැටි

ආදරය යනු එකිනෙකා තේරුම් ගැනීම සහ විශ්වාසය කියලයි සමාජයේ මතය වී ඇත්තේ. නමුත් එම සමාජයේම සිටින පෙම්වතුන් එය වචනයකට පමණක් දැන් දැන් සීමා කරමින් සිටිනවා. ඊට හේතුව වී ඇත්තේ පේ‍්‍රමයට වඩා තම බාල අවශ්‍යතා ඉටු කර ගැනීමයි. මේ හේතුවෙන් ඉහත අප කී සමාජයේ මතයන් දෙක බිඳීමට ලක්වීමයි. 

සිය බාල අවශ්‍යතාවය ඉටුකර ගැනීම අරමුණින් සිය පාසල් පෙම්වතියගේ ආත්ම ගරුත්වය ද ගැන නොසිතා ඇගේ නිරුවත ඡායාරූප සහ වීඩියෝ ගත කළ පාසල් පෙම්වෙතකු පිළිබඳව අපට වාර්තා වුණා.මේ වන විට වාර්තා වී ඇති ආකාරයට අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ මේ ආකාරයටය.

අදාළ සිසුවිය සමග පෙම් සබඳතාවයක් පවත්වාගෙන යමින් සිටි පාසල් සිසුවෙකු ඔහුගේ මව අසනීපව සිටින බව පවසා ඇයට ආවතේව කිරීමට යැයි කියමින් එම සිසුවිය ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇය සමග ලිංගික සබඳතාවයක් පවත්වා තිබෙනවා.එසේ ලිංගිකව හැසිරීමේදී අදාළ පාසල් සිසුවා එම සිදුවීම ඔහු සතු ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සහ ඡායාරූප ගත කර ඇති බවයි වාර්තා වන්නේ.අනතුරුව ඇයට ලිංගික සබඳතාවක් පැවැත්වීමට ඉල්ලීම් කර ඇති බවත්, ඇය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු සතු වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු විසින් ඇයට තර්ජනය කර තිබෙනවා.


එම තර්ජනය කිරීමෙන් පසුව සිසුවිය මේ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර තිබෙනවා.ඒ පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කිරීමෙන් අනතුරුව අදාළ අධිකාරියට වාර්තා වී ඇත්තේ එම පාසල් සිසුවියට බරපතල ලිංගික අතවරයක් සිදුව ඇති බවයි.

සිද්ධිය පිළිබඳව එම සිසුවිය පැමිණිලි කිරීමෙන් පසුව ඇය අධ්‍යාපනය ලබන පාසලේ තාප්පයේ පවා ඈ සමබන්ධ කොට අසභ්‍ය වචන ලියා ඇති බවයි වාර්තා වන්නේ.පැමිණිල්ල සම්බයෙන් කුපිත වූ අදාළ පාසල් සිසුවාගේ මව, පියා සහ මිතුරන් පිරිසක් එම පාසල් සිසුවියගේ නිවසට ගොස් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස ඇයට තර්ජනය පවා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් වන නඩු විභාගයේදී පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට ප‍්‍රකාශ කර ඇත්තේ එම ලිංගික සබඳතාව සිසුවියගේ කැමැත්තට අනුව සිදුව ඇති බවත්, ඔවුන් දෙදෙනාම වීඩියෝ ගත කළ ලිංගික දර්ශන බලමින් ආස්වාදයක් විඳ ඇති බවයි.

මෙම සිදුවීමෙන් පසුව බියට පත් වූ සිසුවිය ඇයගේ ගැලවීම සඳහා මේ ආකාරයට ද්වේශ සහගතව හැසිරී ඇති බවයි අදාළ සිසුවාගේ නීතීඥවරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ. මේ හේතුවෙන් සිසුවාට ඇප ලබාදෙන ලෙසත්, ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවද පවසා තිබෙනවා.

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරයා අදාළ පාසල් සිසුවා රිමාන්ඞ් කිරීමට නියම කළා.

පාසල් අවදියේදි පේ‍්‍රම සබඳතාවයක් පැවැත්වීමට සමහරක් තරුණ තරුණියන් කැමැත්තක් දැක්වීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

පේ‍්‍රම සබඳතාවයක් ඇති කර ගැනීමට පෙර දෙවරක් සිතා බලන්න තමා දැන් සිටින්නේ කුමන අවධියේ ද කියා ?

පාසල් කාලවකවානුවේ පේ‍්‍රමය හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපනය ද කඩා වැටීමට ලක්ව විනාශ වී තිබෙනවා.

තීරණය ඔබ සතුයි....

Gossip Lanka Hot News Previous News Archive