මාස ගාණක් පවුල් කා දැරිය ගෙදරට ගෙනත් දැමූ පෙම්වතා අතුරුදන්

වයස අවුරුදු 15 ක් වන බාලවයස්කාර දැරියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය සමග මාස කීපයක් ජීවත් වී පසුව ඇය ඇයගේ නිවසට ගෙනවිත් දමා ගිය බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පහැර ගැනීමට ලක්ව ඇත්තේ පුත්තලම - මදුරගම පදිංචිව සිටි දැරියකි.පසුගිය වසරේ සැප්තැම්බර් මස ඇය ඇයගේ පෙම්වතා විසින් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.එදින සිට පසුගිය 14 වැනිදා දක්වා පෙම්වතාගේ ඥාතිවරයෙකුගේ නිවසේ දෙදෙනා ගත කර තිබේ.

පෙම්වතාගේ ඥාතියෙකුගේ නිවසේ සිටි කාලය තුළ ඔහු සමග අඹු - සැමියන් ලෙස ජීවත් වූ බව දැරිය තම මව්පියන්ට පවසා ඇත.පසුව දැරියගේ මව්පියන් විසින් මේ බව පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive